IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


රාජ්‍ය - පෞද්ගලික - ජනතා හවුල්කාරිත්වයෙන් “ආදර්ශ නාගරික හරිත කලාප” ව්‍යාපෘතියක්

අංජුල මහික වීරරත්න


ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ “ආදර්ශ නාගරික හරිත කලාප” ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

එහි පළමු අදියර යටතේ පෑලියගොඩ සහ ඔරුගොඩවත්ත ප්‍රදේශවල “ආදර්ශ නාගරික හරිත කලාප” දෙකක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

හරිත නගර සංකල්පයට අනුව නගර සැලසුම්කරණ ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර මෙම මාසය අවසානයට පෙර එහි කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

රාජ්‍ය - පෞද්ගලික - ජනතා හවුල්කාරිත්වය යන (Public- Private – People Partnership)  4P  සංකල්පයට අනුව රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ පුරවැසියන් එකට එක් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. නාගරික වශයෙන් ජන සංකේන්ද්‍රණය ඉහළ යෑමත් සමග වායු දූෂණය, ගොඩබිම දූෂණය, ජල දූෂණය ඇතුළු බොහෝ පාරිසරික ගැටලු‍වලට මුහුණ දීමට සිදුව ඇති අතර තිරසර හරිත නගර සංකල්පය පිළිබඳ ලෝකයේම අවධානය යොමුව ඇතැයි ද ජනාධිපති කාර්යාලය පවසයි. 

නාගරික වන වගා හේතුවෙන් පාරිසරික ගැටලු‍ අවම වීම පමණක් නොව පරිසරය අලංකාරවත් වීමද සිදු වන බැවින් වියළි කොන්ක්‍රිට් කලාපයක් වෙනුවට සොබාදහමේ ආස්වාදය විඳිය හැකි හරිත පරිසරයක ජනතාවට ජීවත්වීමට අවස්ථාව සැලසෙන බව ද හරිත නගර සංකල්පය ඒ අරමුණ ඉටු කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන බවද ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.



අදහස් (0)

රාජ්‍ය - පෞද්ගලික - ජනතා හවුල්කාරිත්වයෙන් “ආදර්ශ නාගරික හරිත කලාප” ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 208 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site