IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


රජයේ ආදායම් රුපියල් බිලියන 63කින් ඉහළට

  • රැස් කරගැනීමට සමත්ව ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 346.58ක්
  • බදු ආදායම් රැස් කරගැනීම රුපියල් බිලියන 321.48ක් 

භානුක අමරසිංහ 


මේ වසරේ ජනවාරි මාසයේදී රජය විසින් රැස් කරගැනීමට සමත්ව ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 346.58ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2024 වසරේ ජනවාරි මාසයේදී රැස් කරගත් රුපියල් බිලියන 283.19ක ආදායම හා සැසඳීමේදී රුපියල් බිලියන 63.45 ක ඉහළයාමකි. 

මේ අතරින් 2025 ජනවාරි මාසයේදී බදු ආදායම් රැස් කරගැනීම රුපියල් බිලියන 321.48ක් ලෙස සටහන්ව තිබේ. 2024 ජනවාරි මාසයේදී එය රුපියල් බිලියන 257.57ක් විය. 

මේ වසරේ ජනවාරි මාසයේදී රජය විසින් රැස් කරගෙන ඇති බදු නොවන ආදායම්වල වටිනාකම රුපියල් බිලියන 25.10කි. එය පෙර වසරේ එම මාසයේදී රැස් කරගත් ආදායම වූ රුපියල් බිලියන 25.55 සැසඳීමේදී සුළු පහත වැටීමකි.  

මේ අතර 2024 වසරේදී රජය රැස් කරගැනීමට සමස්ත වූ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 4,030.84 කි. එය 2023 වසරේ රැස් කරගැනීමට සමත් වූ රුපියල් බිලියන 3,048.82 හා සැසඳීමේදී රුපියල් බිලියන 982.02 ඉහළ යාමකි. පසුගිය වසරේදී රජය බදු ආදායම් ලෙස රුපියල් බිලියන 3,704.58ක් රැස් කරගැනීමට සමත් වූ අතර, රැස් කරගත් බදු නොවන ආදායම රුපියල් බිලියන 326.26 ක් විය. 



අදහස් (0)

රජයේ ආදායම් රුපියල් බිලියන 63කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 335 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 861 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1279 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site