IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


යුරෝමනි සම්මාන උළෙලේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ශ‍්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් බැංකුව කිරුළ NDB බැංකුවට

NDB බැංකුව පසුගිය දා 2025 වසරේ Euromoney සම්මාන උළෙලේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ශ‍්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර විය. එය ජාතියේ උපායමාර්ගික සංවර්ධන ප‍්‍රමුඛතා සමග සමපාත වෙමින්, තාක්ෂණය මත පදනම් වූ විධිමත් විසඳුම් ලබාදීමේ ඔවුන්ගේ ප‍්‍රමුඛත්වය යළිත් තහවුරු කළේය. මෙම ඇගයීම හිමිවීමෙන් ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඩිජිටල් අවකාශයට රැගෙන යාමේදී ඔවුන් සවිබල ගැන්වීම සඳහා බැංකුවේ ඇති නොසැලෙන කැපවීම පිළිබිඹු කරයි.
ගෝලීය බැංකුකරණ හා මූල්‍ය ක්ෂේත‍්‍රයේ වඩාත් තරගකාරී බුද්ධිය සහ මිනුම් සලකුණු කිරීමේ ප‍්‍රමුඛ සන්නාමයක් වනEuromoney, නවෝත්පාදනය, කාර්යසාධනය සහ ප‍්‍රමුඛතා පෙන්නුම් කරන ආයතන හඳුනාගෙන ඔවුන් අගයනු ලබයි. අයදුම්කරුවන් විසින් සිදුකරන ලිඛිත ඉදිරිපත් කිරීම්, Euromoney විශ්ලේෂකයන්ගේ සම්මුඛ සාකච්ඡාවලින් සහ ස්වාධීන වෙළෙඳපොළ පර්යේෂණ ඇතුළත් ගැඹුරු ක්‍රියාවලියකින් පසුව ජයග‍්‍රාහකයන් තෝරාගනු ලැබේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව තෝරාගැනීම, බැංකුවේ දිගුකාලීන ඩිජිටල් දැක්ම, උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සහ ශ‍්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා එහි කාර්යභාරය පිළිබඳ වැදගත් සහතික කිරීමකි.
මෙම ගෞරවනීය සම්මානය පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී කැළුම් එදිරිසිංහ මහතා මෙසේ පැවසීය. “මෙම සම්මානය අපගේ ආර්ථිකයේ වඩාත්ම තීරණාත්මක අංශයට සහාය වීම සඳහා පසුගිය වසර කිහිපය මුළුල්ලේ අප විසින් ව්‍යවසායකාවන් නගාසිටුවීමට සිදුකරන ලද පුළුල් කාර්යයට කදිම සාක්ෂියකි. එය අපගේ මූලික අරමුණුවලට අනුකූල වන අතර, ඩිජිටල් පරිවර්තනය හුදු උපායමාර්ගික ක්‍රියාවලියක් පමණක් නොව ව්‍යාපාරයන්හි ඔරොත්තු දීමේ හැකියාව සහ තරගකාරිත්වය සඳහා අත්‍යාවශ්‍ය අංගයකි. එය රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල විභවය සහ ඔවුන්ගේ දිගුකාලීන ගමනේ හවුල්කරුවකු ලෙස අපගේ භූමිකාව පිළිබඳ අපගේ දැඩි විශ්වාසය ද පිළිබිඹු කරයි. NEOSBIZ සහ TradeLinc සමගින්, අපි සාම්ප‍්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට යමින් සිටින අතර, අපි ව්‍යාපාරවලට, වේගවත් සහ කාර්යක්ෂම ලෙස සහ අනාගතයට සූදානම් වීමට අවශ්‍ය ඩිජිටල් පරිවර්තන සමග සවිබල ගන්වමු”.
“ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස  NDB බැංකුව සම්මානයට පාත‍්‍රවීම මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ පුරෝගාමියකු ලෙස අපගේ ස්ථාවරය තවදුරටත් තහවුරු කරයි. එමගින් ව්‍යාපාර මෙහෙයුම් වැඩිදියුණු කිරීමට පමණක් නොව ජාතියේ ආර්ථිකයට ධනාත්මක දායකත්වයක් ලබාදෙන සියලු‍ දෙනා ඇතුළත් සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් ලබා දෙයි. නවෝත්පාදන සහ අර්ථවත් හවුල්කාරිත්ව කෙරෙහි අඛණ්ඩව අවධානය යොමුකිරීමෙන්, ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකුකරණයේ අනාගතය නැවත හැඩගැස්වීමට බැංකුව සම්පූර්ණයෙන්ම කැපවී සිටී.” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
මෙම ජයග‍්‍රහණයේ මූලික පදනම වී ඇත්තේ NEOSBIZ සහ TradeLinc යන ඩිජිටල් වේදිකා දෙකයි. එය වේගයෙන් විකාශනය වන පරිසරය තුළ ව්‍යාපාරවලට දියුණුවීමට අවශ්‍ය විසඳුම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ලබාදීම සඳහා නිර්මාණය කර ඇත. ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ වෙනුවෙන් ඇති ප‍්‍රථම සහ එකම මොබයිල් බෑංකින් ඇප් එක වන NEOSBIZ, ව්‍යවසායකයන් ඔවුන්ගේ මූල්‍ය කළමනාකරණය කරන ආකාරය පරිවර්තනය කර ඇත. 
ව්‍යාපාරයක් තනි හිමිකාරිත්වයක්, හවුල්කාරිත්වයක් හෝ සීමිත වගකීම් සමාගමක් වේවා, NEOSBIZ මගින් හිමිකරුවන්ට එදිනෙදා මූල්‍ය ගනුදෙනු එසැණින් සිදුකිරීමට, විවිධ පරිශීලකයන්ට අදාළ භූමිකා පැවරීමට, පිටතට සිදුකරන ගෙවීම් නිරීක්ෂණය කිරීමට සහ ශක්තිමත් ආරක්ෂිත පාලනය සමග ගනුදෙනු අනුමත කිරීමට බලය ලබා දෙයි. විවිධ අදියරයන්හි අනුමත කිරීමේ පහසුව, ක්ෂණිකව ගනුදෙනු පිළිබඳ කෙටි පණිවිඩ සහ නම්‍යශීලී පරිශීලක අවසර වැනි විශේෂාංග සමගින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමට සහ ව්‍යාපාර පුළුල් කිරීමට පහසුව, වේගවත්කම සහ විශ්වාසය ලබා දෙයි.
NDB බැංකුවේ සැපයුම් දාම මූල්‍ය (Supply Chain Finance) වේදිකාව වන TradeLinc, ව්‍යාපාර සැපයුම්කරුවන් සහ බෙදාහරින්නන් අතර සබඳතා කළමනාකරණය කරන ආකාරය විධිමත් කර ඇත. 
සම්පූර්ණයෙන්ම බැංකුව තුළම සංවර්ධනය කරන ලද TradeLinc විසඳුම මෙම අන්තර්ක්‍රියා විධිමත් කර ඩිජිටල්කරණය කරයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කාරක ප‍්‍රාග්ධනයට වේගයෙන් ප‍්‍රවේශ වීමට හැකිවන අතර, ගැනුම්කරුවන්ට ගෙවීම් නියමයන් සහ වැඩිදියුණු කළ මෙහෙයුම් කාර්යක්ෂමතාව ලබා දෙයි. මෙම නවෝත්පාදනය ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සවිබල ගැන්වීමේදී NDB බැංකුවේ සාර්ථකත්වයේ ප‍්‍රධාන සාධකයකි.
NEOSBIZ සහ TradeLinc යන ඩිජිටල් විසඳුම් දෙක සමගින්, NDB බැංකුව සංකීර්ණ ආර්ථික පරිසරයක ක්‍රියාත්මක වන ව්‍යවසායකයන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන ඩිජිටල් පරිසර පද්ධතියක් නිර්මාණය කර ඇත. එදිනෙදා මෙහෙයුම් කළමනාකරණය කිරීමේ සිට ව්‍යාපාර පුළුල් කිරීම සඳහා අවශ්‍ය මූල්‍යකරණයට ප‍්‍රවේශ වීම සහ සැපයුම්කරුවන්ගේ ජාල ගොඩනැගීම දක්වා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ගනුදෙනු සහ උපායමාර්ගික අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම විසඳුම් දායකත්වය සපයයි.



අදහස් (0)

යුරෝමනි සම්මාන උළෙලේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ශ‍්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් බැංකුව කිරුළ NDB බැංකුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 453 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16921 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site