විමුක්ති එස් රුද්‍රිගු
යුරෝපා සංගමයේ අපනයන සඳහා පනවා තිබූ සියයට 30 ක තීරු බද්ද සියයට 15 දක්වා පහළ දැමූ බව ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
යුරෝපා සංගමය සහ ඇමෙරිකාව පුළුල් වෙළෙඳ ගිවිසුමකට එළැඹි බවත් ඒ යටතේ මෝටර් රථ ඇතුළු යුරෝපා සංගමයේ නිෂ්පාදන බොහොමයකට සියයට පහළවක තීරු බද්දක් පැන වෙනු ඇති බවත් ජනපති ට්‍රම්ප් පැවසුවේය.
කෙසේ නමුත් ගුවන් යානා අමතර කොටස්, ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන හා රසායනික ඇතුළු නිෂ්පාදන කීපයක් තීරු බද්දෙන් නිදහස් වනු ඇතැයිද ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
වෙෙළඳ ගිවිසුම යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 750 ක බලශක්ති නිෂ්පාදන යුරෝපා සංගමය ඇමරිකාවෙන් මිලදී ගනු ඇති බවත් ඇමෙරිකාවේ සිදුකර ඇති සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 600 දක්වා ඉහල දමනු ඇති බවත් ජනපති ට්‍රම්ප් පැවසුවේය.
එසේම යුද උපකරණ මිලදී ගැනීමට විශාල ඇණවුමක් යුරෝපා සංගමය ඇමරිකාවට ලබා දෙනු ඇතැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. යුරෝපා සංගමයේ සභාපති වොන්ඩර් ලින් සහ ජනපති ට්‍රම්ප් අතර පෙරේදා (27) ස්කොට්ලන්තයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව වෙෙළඳ ගිවිසුම ප්‍රසිද්ධියට පත් කළේය.
2025 දෙසැම්බර් මස 18
567
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුරෝපා සංගමයට පැනවූ සියයට 30 ක තීරු බද්ද සියයට 15 ට අඩුකරයි