විමුක්ති එස් රුද්‍රිගු
ජපාන යෙන් බිලියනයක ව්‍යාපෘති දෙකක් සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය පෙරේදා (29) නිල ලියකියවිලි හුවමාරු කර ගත්තේය. එක් ව්‍යාපෘතියක් යටතේ ජපානයේ නිෂ්පාදිත අති නවීන මිනිසුන් රහිත ගුවන් යානා වර්ග දෙකක් මෙරට නාවික හමුදාවට ලබාදෙනු ඇති අතර ඒ සඳහා ජපාන යෙන් මිලියන 500 ක් මුදලක් වෙන්කර ඇත.
ජපානය සිය නිල ආරක්ෂක සහයෝගීතා වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් පළමු ව්‍යාපෘතිය මෙය වන අතර එමගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය වැඩි දියුණු කිරීමටත්, කලාපීය ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
දෙවැනි ව්‍යාපෘතිය යටතේ මෙරට කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඵලදායීතාව ඉහළ නැංවීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා ජපාන යෙන් මිලියන 463 ක මුදලක් වෙන්කර ඇත. කුඩා පරිමාණ කිරි ගොවීන්ගේ ජීවන තත්වය වැඩි දියුණු කරමින් කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන සංචාරය අතරතුරදී ඔහු සහ ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා ඉදිරියේදී ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම්වලට ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අත්සන් තබා ඇති අතර ජපානය වෙනුවෙන් මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමටා මහතා අත්සන් තබා ඇත.
2025 ඔක්තෝබර් මස 08
1377
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1276
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
464
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යෙන් බිලියනයක ව්‍යාපෘති දෙකකට ශ්‍රී ලංකාව - ජපානය නිල ලියකියවිලි හුවමාරු කරගනී