IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


යුනයිටඩ් පෙට්‍රෝලියම් සම්පූර්ණයෙන් මෙරට හැර ගිහින්

  • යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම සමග ගිවිසුම් අත්සන් කළ ඉන්ධන හල් 64 නැවතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාරීත්වය යටතට
  • එම සමාගම සිය ව්‍යාපාරය ව්‍යාප්ත කළ ප්‍රථම විදේශ රට ශ්‍රී ලංකාවයි
  • ඩො.මි. 27.5 ක ආයෝජනයක් පොරොන්දු වෙමින් එම සමාගම ආයෝජන මණ්ඩලය හරහා මෙරටට පැමිණියේය

චාරුමිණි ද සිල්වා


පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මෙරටට පැමිණි ඕස්ට්‍රේලියාවේ බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම නිල වශයෙන් සම්පූර්ණයෙන් මෙරට හැර ගොස් ඇති බවත් ඒ බවට මීට මාස තුනකට පෙර දැනුම් දී තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා ඩේලි එෆ්ටී පුවත්පතට ප්‍රකාශ කළේය.
බලාපොරොත්තු වූ ලාබය ලබාගැනීමට හැකි වෙළෙඳපොළක් මෙරට නොමැති බවත් මෙහෙයුම් පවත්වාගෙන යාමට තිබෙන පරිසරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත් යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම්දී තිබෙන බවද ඔහු පැවැසුවේය.
යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරටින් සම්පූර්ණයෙන්ම පිටව ගොස් ඇති බැවින් එම සමාගම සමග ගිවිසුම් අත්සන් කළ මෙරට ඉන්ධනහල් 64 නැවතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාරීත්වය යටතට ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය. යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරටින් ඉවත්වීම විශේෂයෙන් කැපී පෙනෙන්නේ එම සමාගම සිය ව්‍යාපාරය ව්‍යාප්ත කළ ප්‍රථම විදේශ රට ශ්‍රී ලංකාව වීම හේතුවෙනි.
ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම සහ විකිණීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 27.5 ක ආයෝජනයක් පොරොන්දු වෙමින් යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ආයෝජන මණ්ඩලය හරහා මෙරටට පැමිණියේය. 



අදහස් (0)

යුනයිටඩ් පෙට්‍රෝලියම් සම්පූර්ණයෙන් මෙරට හැර ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site