IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මේ සතියේ ගනුදෙනු සක්‍රීය විය හැකි ලකුණු

ඉකුත් බ්‍රහස්පතින්දා (අප්‍රි 16) කොළඹ කොටස් වෙළෙඳ පොළ සුළු පහතවැටීමක පැවැති අතර අද ගනුදෙනුවල දී ස්ථාවර වර්ධනයක් කරා ගමන් කළ හැකි බව පෙන්නුම් කරයි. අලුත් අවුරුදු නිවාඩුව අවසන් වූ පසු පළමු ගනුදෙනු දිනයේ සාර්ථක ප්‍රගතියක් දැක්වූ අතර ඉකුත් සති අන්තයේ අවසන් ගනුදෙනුවාරය තුළ සුළු ආයෝජකයන්ගේ විකිණීමේ උනන්දුව නිරීක්ෂණය කළ හැකි විය.
 කෙසේ වෙතත් ඇමරිකානු රජය සිය බදු ක්‍රමය දින තිහකට කල්ල දමා තිබීම සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් පනහක් පමණ සිය රටවල් සමග වත්වන වෙළෙඳාමේ පරතරය සලකා පනවන විශේෂ බදු ඉවත් කරන සේ කරන සාකච්ඡා සාර්ථක විය හැකි බව මුල්‍ය අංශ විශ්වාස කරන බව පෙනේ. එම බදු බලපෑම සලකා සිදු වූ බරපතළ කඩාවැටීම ආවරණය කරගෙන ඇති ලෝකයේ ප්‍රධාන කොටස් වෙළෙඳ පොළ අනුව යමින් ශ්‍රී ලංකාවේ ගනුදෙනු ද සක්‍රීය වන බව නිරීක්ෂණය කළ හැකිය.
ඉකුත් බ්‍රහස්පතින්දා ගනුදෙනු දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,616.57 ක් වු අතර එය පෙර දිනයට සාපේක්ෂව දර්ශක 9.31 ක පසුබැමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,624.24 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 20.25 ක පහළ යෑමක් සේ  දැක්විය හැකිය. දිනයේ  පිරිවැටුම රු. බිලියන 8.41 ක් තෙක් ඉහළ ගියේය. වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 5,576.3 ක් වී ඇත. 
වැඩිම අවධානයක් සහිත සමාගම්වල කොටස් සැලකිය යුතු ප්‍රමාණයක් හුවමාරු වූ අතර ඒ අතර බ්‍රවුන් ඉන්වෙස්ට්මන් කොටස් 3,468,900 ක් ඇතුළත්ය. මෙයට අමතරව එස්.එම්.බී ෆිනෑනස් කොටස් 3,002,100 ක්, නේෂන් ලංකා කොටස් 1,522,342 ක්, ඇලුමෙක්ස් කොටස් 1,300,000 ක්,ජෝන් කීල්ස් කොටස් 917,264 ක්, සන්ෂයින් හෝල්ඩිං කොටස් 745,184 ක්, බේරුවල රිසෝට් කොටස් 683,148 ක් හා සොෆ්ට්ලොජික් කොටස් 618,686 ක් වශයෙන් වැඩිම කොටස් හුවමාරු වශයෙන් දැක්විය හැකිය. 
නිරීක්ෂක 



අදහස් (0)

මේ සතියේ ගනුදෙනු සක්‍රීය විය හැකි ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site