IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මේ වසරේ මේ දක්වා සංචාරකයෝ ලක්ෂ 3 කට වැඩියෙන් ඇවිත්

පෙබරවාරි මුල් සතියේදී පමණක් සංචාරකයෝ 50,000 කට අධික පිරිසක්
මුල් දින 5 ක කාලයේදී පමණක් සංචාරකයන් 44,293 ක්


චාරුමිණි ද සිල්වා


ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ ශක්තිමත් වර්ධනයක් සහ ශුභවාදී බවක් පෙන්නුම් කරමින් 2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් ලක්ෂ 3 කට වැඩි සංඛ්‍යාවක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

මෙම මස මුල් සතියේදී පමණක් සංචාරකයන් 50,000 කට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති බවත් මුල් දින 5 ක කාලය තුළදී පමණක් සංචාරකයන් 44,293 ක සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් එම දත්ත වාර්තාවල දැක්වේ. පසුගිය වසරේ පෙබරවාරි මස පළමු සතියට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මස පළමු සතියේදී දිනකට සංචාරකයන් පැමිණීමේ සාමාන්‍ය 8,859 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පසුගිය වසරේ පෙබරවාරි මස පළමු සතියේදී සංචාරකයන් පැමිණීමේ සාමාන්‍ය දිනකට 8,282 ක් ලෙස සටහන්ව තිබූ බවත් එම දත්ත වාර්තාවල සඳහන් වේ.

පසුගිය වසරේ මෙරට සංචාරක කර්මාන්තය ලැබූ ශක්තිමත් වර්ධනයත්, පසුගිය ජනවාරි මාසයේ සංචාරකයන් 252,761 ක් මෙරටට පැමිණ තිබීමත් සැලකිල්ලට ගනිමින් පෙබරවාරි මාසයේදී මෙරටට සංචාරකයන් 310,937ක් ගෙන්වා ගැනීමට සංචාරක සංවර්ධන අධිකාරිය ඉලක්ක කර ඇත. කෙසේ නමුත් ජනවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් පිරිස මෙතෙක් ඉතිහාසයේ මසකදී මෙරටට පැමිණ තිබූ වැඩිම සංචාරක පිරිසද වේ.

සංචාරක සංවර්ධන අධිකාරිය පසුගිය ජනවාරි මාසයේදී මෙරටට සංචාරකයන්  305,687 ක් පැමිණෙනු ඇතැයි පුරෝකථනය කර තිබූ නමුත් එම පුරෝකථනය සැබෑවක් කර ගැනීමට සංචාරකයන් 52,926 ක හිඟයක් ඇතිවිණි.

පෙබරවාරි මස මේ දක්වා මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණි රටවල් 5 ලෙස ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, චීනය සහ ජර්මනිය සටහන් වූ අතර ප්‍රංශය, පෝලන්තය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය සහ බංග්ලාදේශය යන රටවල සංචාරයකයන්ගේ පැමිණීම පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව ඉහළ යාමක්ද පෙන්නුම් කර තිබිණි.



අදහස් (0)

මේ වසරේ මේ දක්වා සංචාරකයෝ ලක්ෂ 3 කට වැඩියෙන් ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site