IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මේ වසරේ බිස්නස්වල තියෙන්නේ අඩුවීමක්

කඩුවෙල JANATHA STORESහි ව්‍යාපාරික මොහොමඩ් නිකායි ලිසඩි


මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට කඩුවෙල වෙළෙඳ නගරයට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ ඉදිකිරීම් අමුද්‍රව්‍ය වෙළෙඳසලක් වන JANATHA STORES  වෙළෙඳ ආයතනයට වෙතට යි. එහිදී ව්‍යාපාරික මොහොමඞ් නිකායි ලිසඩි මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

මේ දවස්වල බිස්නස් කොහොමද?
පසුගිය වසරට සාපේක්ෂව ගත්තහම මේ වසරේ බිස්නස්වල අඩුවීමක් තියෙනවා. කලින් උදේ නවයට කඩේ විවෘත කළාම දවල් දොළහ වගේ වෙනකන් පාරිභෝගික පිරිසක් ආවා. ආපහු සවස්වරුවේ බිස්නස් එකක් තිබුණා. දැන් ඒ තත්වය වෙනස් වෙලා තියෙන්නේ. දවසට බිස්නස් පහක් හයක් කරන්නේ හරිම අමාරුවෙන්.


බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
කොරෝනා වසංගතයෙන් පස්සේ තමයි මේ බිස්නස්වල කඩාවැටීමක් සිදුවුණේ. ඊට පෙරාතුව බිස්නස් සමාන්‍ය මට්ටමකට තිබුණා. අද වෙද්දී වතුර මෝටරයක් ගන්නවා නම් ඒකට රුපියල් අසූදාහකට වැඩි මුදලක් ඕනේ. ගෙදරක තීන්ත ආලේප කරනවා නම් පනස්දාහකට වැඩි මුදලක් ඕනේ. අපි භාණ්ඩයක් මිලදී ගැනීමේ දී පාරිභෝගිකයාට වට්ටම් ලබා දුන්නත් ඒ අඩුවන මිල යටතේවත් භාණ්ඩයක් මිලදී ගන්න පාරිභෝගිකයන්ට හැකියාවක් නැහැ. 
භාණ්ඩයක් ගන්න පාරිභෝගිකයෙක් ආවොත් තමයි අපිට බිස්නස් එකක් තියෙන්නේ. පවතින ආර්ථික මට්ටමත් එක්ක පාරිභෝගිකයන්ට මූලික අවශ්‍යතාවලට අමතරව තවත් දෙයක් මිලදී ගන්න හැකියාවක් නෑ. මාසෙට රුපියල් පනස්දාහක පඩියක් ගන්න කෙනෙක් මාසික ආහාර අවශ්‍යතාව, ජල බිල්, විදුලි බිල් ගෙව්වම අතේ මුදලක් ඉතිරි වෙන්නේ නැහැ. එහෙම තත්වයක් තියෙද්දී කොහොමද පාරිභෝගිකයෙක් ඇවිත් අමතර මුදලක් යොදවලා තීන්ත, මෝටරයක් මිලදී ගෙන යන්නේ. තවත් සමහරුන් දවසකට එක වේලක් හරි කන්නේ හරිම අමාරුවෙන්. මිනිස්සු අතේ සල්ලි නැතිකම තමයි බිස්නස් කඩාවැටෙන්න මූලිකම හේතුව.


මනීෂා වීරසිංහ
ඡායාරූප : ලහිරු හර්ෂණ



අදහස් (0)

මේ වසරේ බිස්නස්වල තියෙන්නේ අඩුවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site