
පළමු හරස් වීදීයේ ලංකා විෂන් ආයතනයේ ව්‍යාපාරික මොහොමඩ් ජින්නා
වෙනස් වන ව්‍යාපාරික ලෝකයේ තතු සොයා බැලීමට මෙවර අප ගියේ පාරිභෝගික පැමිණීම බහුල ප්‍රදේශයක් වන පිටකොටුව ව්‍යාපාරික කලාපයටයි. එහිදී පළමු හරස් වීදීයේ පිහිටි සීසීටීවී කැමරා උපාංග අලෙවිසලක් වන ලංකා විෂන් වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික මොහොමඩ් ජින්නා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
මේ දිනවල බිස්නස් කොහොමද?
අවුරුද්දේ මුලදී තිබුණාට වඩා මේ වෙද්දී යම් මට්ටමකින් බිස්නස් අඩුවෙලා තියනවා. මෙතන අපි විකුණන්නේ සීසීටීවි කැමරා උපාංග පාරිභෝගිකයන් ඉල්ලන අඩු මිලට භාණ්ඩ ලබාදීමේ හැකියාවක් අපට නැති නිසා බිස්නස් අඩු වෙලා තියනවා.
බිස්නස් අඩු වීමට බලපෑ හේතූ මොනවාද?
මේ දිනවල නම් බිස්නස් අඩු වීමට මූලිකවම බලපාන්නේ පළමු හරස් වීදියේ පසුගියදා ඇති වු ගිනි ගැනීමයි. ඒත් සමග පාරිභෝගික පැමිණීම වෙනදාට සාපේක්ෂව අඩු වෙලා තියනවා. ඊට අමතරව සීසීටීවී වැනි කැමරා උපාංගවලට විශේෂ සීසන් එකක් නැති නිසා බිස්නස්වල ලොකු වර්ධනයක් සිදු වන්නේ නැහැ. අපි මේ උපාංග මිලදී ගන්නේ ලංකාවේ ඇති කර්මාන්තශාලාවකින් නිසා විශාල ලාබයක් ලබා ගැනීම අපහසුයි. වෙළෙඳසලේ සේවය කරන සේවකයන්ගේ වැටුප් ලබා දීමෙන් පසුව ඉතිරි මුදලෙන් අපට කඩ කුලිය ගෙවීමටත් අමාරු මාස තියනවා. මේ දිනවල පාරිභෝගිකයන් අතේ මුදල් ගැවසෙන ප්‍රමාණය අඩු වීමත් බිස්නස් අඩු වීමට බලපානවා. සාමාන්‍ය මිනිස්සු සීසීටීවි වැනි උපාංග මිලදී නොගැනීමත් මිලදී ගන්නා පාරිභෝගිකයන් ප්‍රසිද්ධ වෙළෙඳසල් වෙතට යොමුවීමත් අපේ බිස්නස් අඩු වීමට බලපෑමක් ඇතිකරනවා. ඉදිරියේදී නව වසරේ ආරම්භයත් සමග බිස්නස් වැඩිවෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
චතුමාලී විජේරත්න
ඡායාරූප - ඉසුරු පෙරේරා
2025 ඔක්තෝබර් මස 08
1328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1246
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
457
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මේ වෙද්දී යම් මට්ටමකින් බිස්නස් අඩුවෙලා