මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට වත්තල වෙළෙඳ නගරයට ගිය ගමනේ දී ආනයනික චොකලට් වෙළෙඳාමේ නියුතු CANDY LAND වෙළෙඳ ආයතනයට ගොඩවැදුනු අවස්ථාවේ එම වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික අබ්දුල් මුත්තලීෆ් මොහොමඩ් රිෂාන් මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
Q මේ දවස්වල බිස්නස් කොහොමද?
ආනයනික චොකලට් වර්ග තමයි අපි බිස්නස් කරන්නේ. මේ දවස්වල බිස්නස් හොඳටම අඩුවෙලා තියෙන්නේ. පසුගිය වසරවල සාමාන්‍ය මට්ටමක බිස්නස් එකක් පැවතුණත් මේ පාර බිස්නස් හොඳටම පහත වැටිලා තියෙන්නේ.
Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
චොකලට් වෙළෙඳාම කියන්නේ සීසන් එකත් එක්ක බිස්නස් එකක් ගොඩනැගෙන ව්‍යාපාරයක්. සාමාන්‍යයෙන් නත්තල් සමය සහ වැලන්ටයින් කාල සීමා තමයි චොකලට් වෙළෙඳාම සඳහා බිස්නස් එකක් තියෙන කාල සීමාව. එහෙත් අද වෙද්දී පාරිභෝගිකයාගේ අතේ මුදල් නොමැතිවීම කියන කාරණය එක්ක බිස්නස්වල අඩුවීමක් වෙලා තියෙනවා.
කලින්ට වඩා පාරිභෝගිකයාට දෛනික අවශ්‍යතා සඳහා විශාල මුදලක් දරන්න සිදුවෙනවා. එහෙම වුණාම ඔවුන් අවශ්‍යම දෙයක් සඳහා මුදල් යොඳනවා මිස චොකලට් වගේ දෙයක් මිලදී ගන්න පැමිණීමේ සම්භාවිතාව අඩුයි. පොඩි මිනිහා අතේ මුදල් තිබුණොත් තමයි ලොකු මිනිස්සු අතට සල්ලි ලැබෙන්නේ. අද ඒ දාමය කඩා වැටීම බිස්නස් කඩා වැටීමට බලපාලා තියෙනවා.
ඒ වගේම අද වෙද්දී පාරිභෝගිකයකුට වෙළෙඳසලකට ඇවිත් චොකලට් වර්ග, තෑගි වර්ග මිලදී ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සමාජ මාධ්‍ය හරහා මාර්ගගත ව්‍යාපාර කරන පිරිස්වලින් භාණ්ඩ මිලදී ගන්න යොමුවන පාරිභෝගික ප්‍රමාණය වැඩිවෙලා තියෙන්නේ. පාරිභෝගිකයාට චොකලට් වර්ග, ඒ ආශ්‍රයෙන් ගොඩනගන තෑගි (Chocolate Gift Box) අතේ ඇති මුදලට මිලදී ගන්න පුළුවන් වන ආකාරයට නිර්මාණය කර තිබීම නිසා එවැනි තැන්වලින් භාණ්ඩ මිලදී ගන්න පුරුදුවෙලා ඉන්නේ. පාරිභෝගිකයෝ විදිහට භාණ්ඩයේ ගුණාත්මක බවට වඩා මුදල සලකා බලන නිසා එවැනි තැන්වලට පාරිභෝගිකයෝ ඇදී යාම අපේ බිස්නස් කඩාවැටෙන්න හේතුවක්. මේ වසරේ අවසානයේ හෝ නැවත බිස්නස් එකක් ගොඩනැගෙවි කියලා හිතනවා.
මනීෂා වීරසිංහ
ඡායාරූප:
ජයමාල් චන්ද්‍රසිරි
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මේ දවස්වල බිස්නස් හොඳටම අඩුවෙලා - වත්තල CANDY LAND වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික අබ්දුල් මුත්තලීෆ් මොහොමඩ්