දෙහිවල ස්ටාර් ජුවලරි හිමිකරු රාමසාමී බාල කුමාර්
රත්තරන් කියන්නේ ඉස්තරම් දෙයක්. රත්තරන් කියන වචනය පවා අපි විවිධ අවස්ථාවල යොදා ගනු ලබන්නේ ඒ නිසාවෙනි. ලෝකේ තියෙන ලෝහ අතුරින් මිල අධිකම ලෝහය රත්තරන් වගේම ඉතාම අලංකාරම ලෝහයත් රත්තරන්. මේ දිනවල බිස්නස් පිළිබඳ දැනගැනීම සඳහා අප දෙහිවල බලා ගියාය. එහිදී අප ගොඩ වූයේ ස්ටාර් ජුවලරි නම් වූ රත්තරන් භාණ්ඩ වෙළඳසලටය. එහි හිමිකරු වූ රාමසාමී බාල කුමාර් මහතා මේ දිනවල රත්තරන් බිස්නස් පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
මම අවුරුදු 15ක ඉඳන් බිස්නස් කරන්නේ දෙහිවල. මේ දවස්වල බිස්නස් ගැන කියනවානම් බිස්නස් හොඳටම අඩුයි. මේ දිගටම රත්තරන් බඩු කඩ කීපයක්ම තියනවා. ඒ කඩවල කවුරුත් පාරිභෝගිකයෝ නෑ. ඒ කියන්නේ මිනිස්සු රත්තරන් බඩු ගන්න එන්නෙ නෑ කියන එක. රත්තරන් ගන්න ආවත් බොහෝ පාරිභෝගිකයන් අපෙන් අඩු ගාණකට කේවල් කරලා, රත්තරන් අත ගාලා බලලා යනව ඇරෙන්න මිලදී ගන්නේ නෑ. ඒ තරමටම මිනිසුන් අද ජීවත් වෙන්නේ ආර්ථික අර්බුද රැසකට මුහුණ දීලා. ඉස්සරහට මොනව වෙයිද දන්නේ නැහැ. හැබැයි අද තියෙන තත්වය ඕකයි.
Q: බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වීමට බලපාන ප්‍රධානම හේතුව තමයි රත්තරන් මිල ඉහළ මටටමක තිබීම. මේ දවස් වල මිල හොඳටම වැඩි වෙලා තියෙන්නේ. අනික මිනිස්සු ළගත් සල්ලි නෑ. දැන් අවුරුදු කාලෙත් ඉවර වුණා විතරනේ. තිබ්බ සල්ලිත් අවුරුදු කාලෙට වියදම් කරනවනේ. මේ මැයි මාසේ නැකත් තිබ්බා කියලත් අපිට ලොකු බිස්නස් එකක් නෑ. විවාහ උත්සවයකට වුණත් කර මාල ගන්න අය හරිම අඩුයි. ගොඩක් අය රත්තරන් කර මාලේ වෙනුවට රත්තරන් වගේ වෙනත් මාල දාන්නේ. මුදු දෙක තමයි අපි ළඟට ඇවිල්ල ගන්නේ. ඒකත් ඉස්සර රත්තරන් පවුමක් ගත්ත කෙනෙක් අද ඇවිල්ල ගන්නේ පවුම් භාගයයි එක්කො පවුම් කාලයි. මිනිස්සු ළඟ තියන සල්ලිවලින් අත්‍යවශ්‍ය හැමදේම කරලා සල්ලි තිබ්බොත් විතරයි රත්තරන් බඩුවක් ගන්නේ. මිල වැඩි නිසා අපිට ලොකු ඇණවුම් එන්නේ නෑ. ඒ නිසා අපිට බිස්නස් අඩුයි.
ශෂිකා අබේරත්න
ඡායාරූප: ඉසුරු පෙරේරා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මේ දවස්වල බිස්නස් හොඳටම අඩුයි