
දෙහිවල ඩයමන්ඩ් ගෝල්ඩ් හවුස්හි අලෙවිකරු
රිෆාස් වසීම්
රත්රන් කියන්නෙ ලෝකයේ බහුතරයක් දෙනා ආදරය කරන, ආසාවෙන් එක්රැස් කරන ලෝහ වර්ගයකි. තමන්ගේ පෙනුම මෙන්ම බලය වැඩි කරගන්නත් මේ රත්තරන් උපයෝගී කර ගනී. ලෝකයේ තිබෙන වටිනාම ලෝහ අතරින් එකක් ලෙස රත්තරන් හඳුනාගත හැකිය. එමෙන්ම ආභරණ නිෂ්පාදනය අතින් ඉදිරියෙන්ම පවතින ලෝහයක් ලෙසත් රත්රන් හඳුනාගත හැකිය. ඒ නිසාම කොයි තරම් මිල ඉහළ ගියත් රත්රන්වලට තිබෙන ඉල්ලුමනම් ලේසියෙන් අඩුවෙනවා දකින්න ලැබෙන්නෙ නැත. රත්තරන් වෙළෙඳාමේ වත්මන් ස්වරූපය දැන ගැනීමට අප ගොඩ වූයේ දෙහිවල ඩයමන්ඩ් ගෝල්ඩ් හවුස් වෙතයි. එහි අලෙවිකරුවකු වූ රිෆාස් වසීම් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසය.
Q මේ දිනවල බිස්නස් කොහොමද?
මේ දවස්වල බිස්නස් ගොඩක් අඩුයි. ගිය අවුරුද්දට සාපේක්ෂව බලද්දිත් මේ අවුරුද්දේ බිස්නස් අඩුයි. මැයි මාසේ කියන්නේ නැකත් මාසයක් නිසා විවාහ මංගල උත්සව වැඩියෙන්ම තියෙන්නේ මැයි මාසයේ. ඒ නිසා ඒ කාලෙට අපිටත් බිස්නස් තිබ්බා. කර මාල මුදු ගන්න කොයි කවුරුත් වගේ එනවනේ. ඒවුණාට දැන් එහෙම මැයි මාසෙත් බිස්නස් නෑ. මිනිස්සු දැන් විවාහ උත්සවවලටත් රත්රන් බඩු ගන්නේ නෑ. ගත්තත් මුදු විතරයි. ඒකත් හරිම අඩු පවුම් ගාණකින් ගන්නේ.
Q බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වෙන්න ප්‍රධානම හේතුව තමයි රත්තරන් මිල වැඩි එක. කැරට් 22 රත්රන් පවුමක් රුපියල් 238500 ක් වෙනවා. කැරට් 24 රත්රන් පවුමක් රුපියල් 260000 ක් වෙනවා. මේ ගණන් වෙන්නේ රත්රන් මිල විතරයි. මේකට තව හැදුම් කුලියකුත් එකතු වෙනවා. මෙච්චර ගාණක් දීලා රත්රන් මිලදී ගන්න මිනිස්සුන්ට වත්කමක් නෑ.
මනුස්සයකුට රත්රන් මිලදී ගන්න පුළුවන් මිලකට අඩු වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට වෙළෙඳාමක් කරගන්න පුළුවන් වෙන්නේ. මිනිස්සු ඉන්නේ ආර්ථික අපහසුතා මැද. කන්න බොන්න බඩු ටික ගන්නත් අමාරු කාලේ රත්රන් ගන්න මිනිස්සු එන්නේ නෑ තියන රත්රන් බඩුත් උකස් තියනවා ඇරෙන්න. මිනිස්සු ඇවිල්ලා ගණන් අහල ආපහු යන එක සාධාරණයි. සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසේ තමයි රත්රන් මිල වෙනස් වෙන්නේ. දැන් එහෙම නෑ. අඩු වෙනවා වැඩි වෙනවා සැරින් සැරේට ඒකට කාලයක් නෑ.
ශෂිකා අබේරත්න
ඡායාරූප- ඉසුරු පෙරේරා
2025 දෙසැම්බර් මස 18
533
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේ දවස්වල බිස්නස් ගොඩක් අඩුයි