
මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබදව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ ආදී ප්‍රදේශවල ඇදුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ගියේ කිරිබත්ගොඩ බෑග් වෙළෙදසැලක් වූ ඔනේෂ් බෑග් වෙළෙදසල වෙතය. එහි අලෙවිකරුවකු වූ නිහාල් ප්‍රනාන්දු මහතා මේ දිනවල බිස්නස් පිළිබද දැක්වූයේ මෙවැනි අදහසකි.
Q මේ දිනවල බිස්නස් කොහොමද?
මේ බිස්නස් එක පටන් අරගෙන දැනට අවුරුදු 15 ක් වගේ වෙනවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් අඩුයි. පාරිභෝගිකයන්ගේ පැමිණීම හරිම අඩු තත්වයක තියෙන්නේ. ගිය අවුරුද්ද්ට සාපේකෂවත් බිස්නස් අඩුයි.
Q බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වෙන්න බලපාන හේතුව මේකයි කියලා හරියටම කියන්න බෑ. අපි කරන්නේ බෑග් බිස්නස්. අපි ළඟ පාසල් බෑග්, කාන්තා, පිරිමි ඕනම වර්ගයේ බෑග් තියනවා. කොහොමත් බෑග්, සෙරප්පු වගේ බිස්නස්වලට වැඩිපුර බිස්නස් තියෙන්නේ සිංහල අවුරුදු කාලට, නත්තල් කාලෙට තමයි. පාසල් අලුතින් ආරම්භ කරන කාලෙට පාසල් බෑග්වලට හොඳ ඉල්ලුමක් තියනවා. ඔය කාලවලට අමතර මාසවල බිස්නස් සාමාන්‍ය පරිදි තමයි වෙන්නේ. බෑග් මිල වැඩි නිසා බිස්නස් අඩුයි. කියන්න නම් බෑ. මොකද අපි ගොඩක්ම අඩු මුදලට බෑග් විකුණන්නේ. නම ගිය ලොකු කඩවල මේ බෑග්ම තියනවා, හැබැයි මිල ගණන් වැඩියි. අපි පාරිභෝගිකයන්ට සහන මිලට තමයි වෙළෙදාම් කරන්නේ. ඒ වුණත් කියන්න තරම් හොඳට බිස්නස් එකක් නෑ. මිනිසුන්ටත් ආර්ථික ප්‍රශ්න තියනවනේ. ඒවත් හේතු වෙනවා අපිට බිස්නස් අඩු වෙන්න.
ශෂිකා අබේරත්න
ඡායාරූප-ඉසුරු පෙරේරා
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේ දවස්වල බිස්නස් අඩුයි - කිරිබත්ගොඩ ඔනේෂ් බෑග්හි අලෙවිකරු නිහාල් ප්‍රනාන්දු