IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මේ දවස්වල බිස්නස්වල තරගකාරීත්වය වැඩියි


අමිල චින්තක ගමගේ


සිසිල පේන්ට් ස්ටෝර්ස් ආයතනය දශක 6 කට වැඩී ඉතිහාසයකට හිමිකම් කියන ව්‍යාපාරයකි. සිය පියාණන්ගේ උරුමයෙන්  තීන්ත අලෙවි කරන ක්ෂේත්‍රයට පිවිසෙන ශාන්ත සේනාධිර මහතා දැනට වසර 40 කට ආසන්න කාලයක් සිය ව්‍යාපාරය සාර්ථකව මෙහෙයවමින් තිබෙන්නේ එහි වත්මන් හිමිකරු ලෙස විවිධ අභියෝගවලට මුහුණ දෙමිනි.  ශාන්ත සේනාධීර මහතා අපට හමුවූයේ ගල්වල ප්‍රදේශයේ මැසේජර් වීදියේ ඔහුගේ වෙළෙඳසැලේදීය. මේ දවස්වල බිස්නස් කොහොමදයි අපි ඔහුගෙන් විමසුවෙමු.

පහුගිය කාලෙ වැඩි මිලකට විකුනුණු  සිමෙන්ති අද සෑහෙන මිලකින් අඩුවෙලා. ඒ නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දියුණුවක් ඇතිවෙලා තියෙනවා. නැවතිලා තිබුණ ඉදිකිරීමි විශාල වශයෙන් නැවත ආරම්භ වෙලා තියෙනව. එය අපේ ව්‍යාපාරවලටත් හොඳයි.

ගල්වල 
ප්‍රදේශයේ 
මැසේජර් වීදියේ සිසිල පේන්ට් ස්ටෝර්ස් 
හිමිකරු 
ශාන්ත 
සේනාධීර

Q මේ දවස්වල බිස්නස් කොහොමද?

මේ දවස්වල බිස්නස් ගත්තොත් තරගකාරීත්වය වැඩියි. තීන්ත අලෙවි කරන සාප්පු ඉස්සර තිබුණේ කීපයක් පමණයි. ඒත් අද ඒ වගේ සාප්පු ගොඩක් තියෙනවා. ලොකු කුඩා කියල නෑ ඒ හැමෝම එක්ක අපට තරගයක් තියෙනවා. ඊට අමතරව තීන්ත නිෂ්පාදනය කරන ආයතනද ඉස්සරට වඩා ප්‍රමාණයෙන් වැඩියි. ඒ හැම ආයතනයක්ම වාගේ තමන්ගේ තීන්ත නිෂ්පාදනය උසස්ම තත්වයෙන් වෙළෙඳපොළට ඉදිරිපත් කරනවා. වෙළෙඳපොළේ පවතින සියලු‍ම තත්ව සහතික සහ නව තාක්ෂණික වටිනාකම්ද එකතුකරමින් ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කරනව.

මේ හේතුවෙන් තීන්ත නිෂ්පාදන ආයතන අතරද දැඩි තරගකාරීත්වයක් තම වෙළෙඳාම තුළ හටගෙන තිබෙනවා. එම නිසාම අපගේ වෙළෙඳසැල්වල ද තරගකාරීත්වය අධික වෙලා තියෙනවා. ඉස්සර හැමෝම තීන්ත ගන්න  ආවේ කොළඹට. දැන් රට පුරාම තීන්ත වෙළෙදසැල් ව්‍යාප්ත වෙලා තියෙනවා. කොළඹට දෙන වට්ටම්ම කෙළඹින් පිට ඉන්න වෙළෙන්දන්ටත් ලැබෙනවා. ඒ නිසා පිට පළාත්වලින් එන ගනුදෙනු කරුවන්ගේ අඩුවක් පෙන්නුම් කරනවා. ඒ නිසා සෑම අයුරින්ම ආකර්ෂණීයවූ සේවාවක් පාරිභෝගිකයාට සපයන්න වෙලා තියෙන්නේ.

කොරෝනාවලින් පස්සේ තීන්ත  සමාගම් වල වට්ටම් දීමනා වෙනස් වුණා සහ මිල ගණන්ද වැඩිවුණා. එමගින් අපට තරගකාරීත්වය තවත් වැඩිවුණා.

Q ව්‍යාපාර ලෝකයේ පොදුවේ බිස්නස් අඩුවීමට හේතුව කුමක්ද?

බිස්නස් අඩු වෙලා නැහැ. බිස්නස් වැඩිවීමක් තමයි වෙලා තියෙන්නේ. එහෙත් එය තව අය අතර බෙදිලා ගිහින් තියෙනවා. පහුගිය කාලෙ වැඩි මිලකට විකුනුණු  සිමෙන්ති අද සෑහෙන මිලකින් අඩුවෙලා. ඒ නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දියුණුවක් ඇතිවෙලා තියෙනවා. නැවතිලා තිබුණ ඉදිකිරීමි විශාල වශයෙන් නැවත ආරම්භ වෙලා තියෙනව. එය අපේ ව්‍යාපාරවලටත් හොඳයි. දැන් තියෙන්නේ තරගකාරීත්වය නිසා ලේසියෙන් ව්‍යාපාර කරන්න බැරි තත්වයක් විතරයි. රට තිබුණු තත්වයට වඩා දැන් යම් මට්ටමකට එමින් තිබෙනවා. ජනතාව තුළ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා රට හොඳ තත්වයකට එයි කියලා. ව්‍යාපාරිකයෙක් විදියට පහුගිය කාලේ අපටත් යම් අවිශ්වාසයක් තිබුණා.

මොන ප්‍රශ්න ආවත් සියලු‍මදේට මුහුණදුන්න. දැන් අපට ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා  රට හරි මට්ටමට ඇවිත් අපේ ව්‍යාපාරවලටත් යම් ශක්තියක් ලැබෙයි කියල. 


ජායාරූපය ඉසුරු පෙරේරා


 



අදහස් (0)

මේ දවස්වල බිස්නස්වල තරගකාරීත්වය වැඩියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 207 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site