IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මේ අවුරුද්දේ බිස්නස් හොඳයි

මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශවල ඇදුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ගියේ වත්තල සිමෙට්කෝ වෙළෙඳසල වෙතය. එහි හිමිකරු වූ ඒ. කේ අශාන් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.


මේ දිනවල බිස්නස් කොහොමද?
මම වත්තල මේ වෙළෙ‌ඳසල කරන්නේ අවුරුදු 4 ක ඉඳන්. කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි, මෙට්ට කවර ආදීය තමයි අපි බිස්නස් කරන්නේ. සේවකයෝ තුන්දෙනෙක් ඉන්න්වා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් අවුලක් නෑ. සාමාන්‍ය විදියට කෙරීගෙන යනවා. ගිය අවුරුද්දේ බිස්නස් ටිකක් අඩු වුණා. එහෙත් මේ අවුරුද්දේ බිස්නස් හොඳයි ගිය අවුරුද්දට සාපේක්ෂව. 


බිස්නස් හොඳවීමට බලපෑ හේතු මොනවාද?
බිස්නස් කරන බොහෝ අයගෙන් ඇහුවාම කියන්නේ බිස්නස් අඩුයි. බිස්නස් නෑ කියලා තමයි. බිස්නස් හොඳයි කියලා කියන්නේ හරිම අඩු පිරිසක්. බිස්නස් හොඳට තියෙන්නනම් අපි පාරිභෝගිකයා ගැනත් හිතන්න ඕන. ලොකු ලොකු ලාබ තියාගෙන ලොකු ගණන්වලට භාණ්ඩ අලෙවි කරද්දි බිස්නස් අඩු වෙන එක සාධාරණයි. ඇත්තටම වෙළෙඳුන්ට ලාබයක් නැතුව භාණ්ඩ අලෙවි කරන්න බෑ. එහෙත් සාධරණ ලෙස බිස්නස් කරනවා නම් කවදටත් හොඳට බිස්නස් තියනවා. අනෙක් කාරණාව තමයි පාරිභෝගිකයාගේ ඉල්ලු‍මට අනුව සැපයුමක් ලබා දෙන්න ඕන. ඔය කියන කාරණා දෙක මත තමයි වෙළෙඳ ආයතනයක රඳ‌ා පැවැත්ම තීරණය වෙන්නේ. අපි වෙළෙඳ ආයතනයක් ලෙස ඉතා සාධාරණව බිස්නස් කරනවා. ඒ නිසා මේ දවස්වල බිස්නස්වල අඩුවක් නෑ හොඳට තියනවා.
ශෂිකා අබේරත්න
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

මේ අවුරුද්දේ බිස්නස් හොඳයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 568 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site