

ශ්රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන Mahindra Ideal Finance සමාගම ^MIFL& සිය සේවා සියලු ශ්‍රී ලාංකිකයන් වෙත ලබා දීමේ පියවරෙහි තවත් සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින් පසුගියදා ගම්පොළ නවතම ශාඛාව පිහිටුවනු ලැබීය.
MIFL හි 37 වැනි ශාඛාව ලෙස විවෘත වූ එම ශාඛාවෙන් ගම්පොල ප්‍රදේශයේ මෙන්ම මධ්‍යම පළාතේ ජනතාවට පහසු හා කඩිනම් මූල්‍ය විසඳුම් සලසා දීමට MIFL සමත් වනු ඇත.
MIFL හි කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී මුෆද්දල් චූනියා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ එක්ව සිටියහ. ප්‍රදේශයේ පුද්ගල හා ව්‍යාපාර දියුණුව වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දීමේ අරමුණින් ආරම්භ කෙරුණු මෙම ශාඛාවෙන් විවිධ වාහන වෙළෙඳ නාම සඳහා ලීසිං පහසුකම්, ව්‍යාපාර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය, චක්‍රීය ණය, රන් ණය සහ ස්ථාවර තැන්පතු ඇතුළු පරිපූර්ණ මූල්‍ය විසඳුම් විශාල ප්‍රමාණයක් පහසුවෙන් සලසා ගැනීමට හැකියාව උදා කර දී ඇත.
මෙම අවස්ථාවට එක් වෙමින් Mahindra Ideal Finance කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මුෆාඩල් චූනියා මහතා මෙසේ සඳහන් කර සිටියේය. “අපගේ ගනුදෙනුකරුවන්ට වඩාත් ගැළපෙන, විශ්වාසදායී හා නම්‍යශීලී මූල්‍ය විසඳුම් ඔවුන් සමීපයට ගෙන යමින් පහසු මූල්‍ය සේවාවක් සලසා දීමේ අපගේ ප්‍රයත්නයෙහි තවත් එක් පියවරක් ලෙස මෙම නවතම ශාඛාව හඳුන්වා දිය හැකියි. සෑම ශ්‍රී ලාංකිකයකුටම තමන්ගේ අනාගත අභිවෘද්ධිය ගොඩනගා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා වඩා හොඳ මූල්‍ය සේවාවක් සලසා ගැනීමේ අවස්ථාව උදා විය යුතු යැයි අපි නිරන්තරයෙන් විශ්වාස කරනවා.”
දියුණුව කරා පියනගන ශ්‍රී ලාංකිකයන් වෙත වගකිවයුතු සේවාවක් ලබා දෙමින් ඔවුන් තාක්ෂණික මූල්‍යකරණ අවබෝධය ඉහළ නැංවීම උදෙසා MIFL කැපවී කටයුතු කරයි. එම සේවා ජනතාව අතරට ගෙන යාමට කැපවී සිටින සිය ශාඛා ජාලයේ නවතම සාමාජිකයා ලෙස ගම්පොල ශාඛාවද ඊට සුවිසල් ශක්තියක් එක් කරනු ඇත. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ගැළපෙන මූල්‍ය විසඳුම් හඳුන්වා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති MIFL අද වන විට වැඩි ඉල්ලුමක් පවතින ක්ෂුද්‍ර, සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ විවිධ වෙළෙඳ නාම සහිත රථ වාහන ආනයනකරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද මූල්‍ය විසඳුම් ඇතුලු නවතම හඳුන්වා දීම් රැසක් සිදු කර ඇත.
2025 දෙසැම්බර් මස 04
591
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
504
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහින්ද්‍රා අයිඩියල් ෆයිනෑන්ස් නවතම ශාඛාව ගම්පොලදී විවෘත වෙයි