IMG-LOGO

මහජන බැංකුව - ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව People’s BizTeens Challenge 2025’ අරඹයි

නව යොවුන් ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ අරමුණින් මහජන බැංකුව හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) tlaj ‘People’s BizTeens Challenge 2025’ නමින් පාසල් සිසු දරු දැරියන් සඳහා වන දීප ව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කළේය. ඒ තුළින්, ඔවුන්ට ස්වතන්ත්‍ර ව්‍යවසායකත්ව සංකල්ප ඉදිරිපත් කර ජයග්‍රහණ හිමිකරගැනිමට අවස්ථාව සැලසේ.
මේ සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම, කොළඹ 05, මහජන බැංකුවේ මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා සිදුකෙරිණි.
මේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති රවි නිස්සංක, වැඩබලන අධ්‍යක්ෂක ජනරාල් ඩබ්ලිව්.ඒ.පි. කපිල නිශාන්ත යන මහත්වරුන් ඇතු`ඵ නිලධාරින්, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු සහ එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන මහත්මිය ඇතුඵ  ආයතනික හා විධායක කළමනාකාරිත්වය, විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මිහු සිසු දරු දැැරියෝ විශාල පිරිසක් සහභාගි වූහ.
නව නිපැයුම් සහ ව්‍යවසායකත්වය කෙරෙහි පාසල් සිසු සිසුවියන් යොමු කරමින් අනාගත ව්‍යවසායකයන් දැයට තිළිණ කරන අතරම, ශ්‍රී ලාංකේය ආර්ථිකය සවිමත් කිරීමට දායක වීමට ‘People’s BizTeens Challenge 2025’ ඔස්සේ හැකියාව ලැබෙනු ඇත.
මෙම වැඩසටහන ජුලි මස 15 වැනි දින සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා වයස අවුරුදු 11-18 අතර සිසු දරු දැරියන්ට ව්‍යවසායකත්ව සංකල්ප ඉදිරිපත් කළ හැක. මේ වැඩපිළිවෙළට මහජන බැංකුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය ගිවිසුම් ගත වී ඇත.
කර්මාන්ත අමාත්‍යංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් දැනටමත් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරන ‘කර්මාන්ත ව්‍යවසායකත්ව කව’ වැඩසටහන යටතේ පාසල් ව්‍යවසායකත්ව කව 590ක් ස්ථාපිත කර ඇත. මේ සඳහා පුහුණු ගුරුවරුන් 1000කට අධික පිරිසක් සිටින අතර, මෙහි සාමාජිකත්වය ලබාගත් පාසල් සිසු සිසුවියන් සංඛ්‍යාව 30,000කට අධිකය. මෙහි දැනටමත් ලියාපදිංචි වී ඇති සිසුන්ට අමතරව අදාළ කාලසිමාව තුළදි නවක සිසුන් දැනට පවතින හෝ අලුතින් ආරම්භ කරන ව්‍යවසායකත්ව කව සඳහා ලියාපදිංචි කරවීමට කාර්මික සංවර්ධන මණ්ඩලය කටයුතු කරනු ඇත.
මේ සඳහා වන අයදුම්පත් පාසල් වෙත ලබාදෙන අතර, මහජන බැංකුවේ නිල වෙබ් අඩවිය වන https://www.peoplesbank.lk  තුළින් සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවියෙන්ද අදාළ අයදුම්පත් බාගත කර ගත හැක. එම අයදුම්පත් නිසි පරිදි සම්පූර්ණ කිරිමෙන් අනතුරුව පාසලේ විදුහල්පති/විදුහල්පතිනියගේ තහවුරුව සමගින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත බාරදිම හෝ ලියාපදිංචි තෑපැලෙන් යොමු කිරීම සිදුකළ යුතුය.
මෙලෙස යොමුකරන නිර්මාණාත්මක ව්‍යවසායක අදහස් ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයකින් ඇගයීමට ලක්කෙරෙන අතර, දිස්ත්‍රික් හා ජාතික මට්ටමේ ජයග්‍රාහකයන් තෝරාගැනේ. මෙහි දිස්ත්‍රික් මට්ටමේ පළමුවැනි, දෙවැනි සහ තෙවැනි ජයග්‍රාහකයන් වෙත සහතිකපත් පිරිනැමෙන අතර, දිස්ත්‍රික් වශයෙන් වයස අවුරුදු 11-15 දක්වා සහ 15-18 දක්වා වූ වයස් කාණ්ඩ දෙකක් යටතේ තෝරාගන්නා විශේෂ කුසලතා දක්වන දරු දැරියන් සඳහා එක් කාණ්ඩයකට කුසලතා සහතික 3 බැගින් පිරිනැමේ. එමෙන්ම ජාතික මට්ටමේ ප්‍රථම ජයග්‍රාහකයාට රු. 250,000/-ක්, දෙවැනි ජයග්‍රාහකයාට රු. 150,000/-ක් සහ තෙවැනි ජයග්‍රාහකයාට රු.100,000/-ක් බැගින් මුදල් තිළිණ සහ සහතිකපත් පිරිනැමේ. මීට අමතරව රු. 25,000/- බැගින් සැනසිලි ත්‍යාග 10ක් පිරිනැමෙනු ඇත.
වසර හැට හතරකට අධික කාලයක් මු`ඵල්ලේ මෙරට ජනතාවට මූල්‍ය පහසුකම් සමිප කිරීමෙන් නොනැවති දේශයේ සමාජ, ආර්ථික ප්‍රගතිය වෙනුවෙන් අඛණ්ඩව කැපවූ මහජන බැංකුව, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව අත්වැල් බැඳගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ සිය ජාතික වගකිමක් ඉටුකිරිමේ අරමුණිනි. මේ සමග එක්ව ඔබේ අනාගත ව්‍යවසායකත්ව ඉලක්ක සපුරාගන්නා මෙන් නව සංකල්පවලි සපිරි, උද්යෝගිමත් නව යොවුන් තාරුණ්‍යය වෙත මහජන බැංකුව ආරාධනා කර සිටී.



අදහස් (0)

මහජන බැංකුව - ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව People’s BizTeens Challenge 2025’ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site