IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


මාස තුනක හතරක ඉඳන් බිස්නස් ගොඩක්ම අඩුයි වත්තල නිව් ස්මාර්ට් හාර්ඩ්වෙයාර් හිමිකරු ඒ. ශිවා

මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබදව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශවල ඇදුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළගා වූයේ වත්තල නිව් ස්මාර්ට් හාර්ඩ්වෙයාර් වෙතය. එහි හිමිකරු වූ ඒ. ශිවා මහතා මේ දිනවල බිස්නස් පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.


Q මේ දිනවල බිස්නස් කොහොමද?


මම වත්තල මේ වෙළදසැල කරන්නේ අවුරුදු 8ක ඉදන්. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් ගොඩක් අඩුයි. දැනට මාස තුනක හතරක වගේ කාලයක ඉදන් බිස්නස් ගොඩක්ම අඩුයි. ඇත්තෙම නැති තරම්.


Q බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?


බිස්නස් අඩු වෙන්න බලපාන හේතුව තමයි භාණ්ඩ මිල ඉහළ යාම. මේ දිනවල වැලි සිමෙන්ති මිල ඉහළයි. වැලි සිමෙන්ති මිල අධිකයි කියන්නේ මිනිස්සු ගෙවල් ආදී ඉදිකිරීම් කරන්නේ හරිම අඩුවෙන්. අපි ළඟ තියෙන්නේ ගොඩනැගිලි ඉදිකිරීම් උපාංග නිසා අපිටත් බිස්නස් අඩුයි. 
මිනිස්සුන්ට කන්න බොන්නත් සල්ලි නැති කාලේ ගෙවල් හදන්නේ නෑ. කොහොමහරි බලන්නේ ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගන්න. අපිටත් බිස්නස් කරන්න අමාරුයි ඒ නිසා. අනික දැන් අපිට භාණ්ඩ ලබාදෙන තොග වෙළෙන්දෝ ණයට භාණ්ඩ දෙන්නෙත් නෑ. ණයට ගත්තාම අපිට භාණ්ඩ අලෙවි කරලා ඒ මුදල් වලින් ණය පියවන්න පුළුවන්. 
එහෙත් දැන් අත්පිට මුදලට විතරයි දෙන්නේ. ඒ නිසා එකපාර භාණ්ඩ විශාල ප්‍රමාණයක් මිලදී ගන්නත් බෑ. සේවක වැටුප් ගෙවලා කඩ කුලී ගෙව්වාම අපිට ලොකුවට ලාබ ලබන්න බෑ. ඕක තමයි මේ දවස්වල බිස්නස් වල තත්වය. කියන්න තරම් සතුටුදායක තත්වයක් නෑ. 

ශෂිකා අබේරත්න
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

 



අදහස් (0)

මාස තුනක හතරක ඉඳන් බිස්නස් ගොඩක්ම අඩුයි වත්තල නිව් ස්මාර්ට් හාර්ඩ්වෙයාර් හිමිකරු ඒ. ශිවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site