IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මවුන්ට් ලෝටස් ග්ලූකෝමා සතිය සමරයි

මවුන්ට් ලෝටස් රෝහල මාර්තු 9 සිට 15 දක්වා ලොව පුරා සැමරුම්වලට සමගාමීව ශ්‍රී ලංකාව තුළ ද ග්ලූකෝමා සතිය සමරයි. ජනතාව ආරක්ෂා කිරීමට අක්‍ෂි බින්දු නොමැතිව ජීවත් වන්න යන තේමාව යටතේ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කර ඇත. ග්ලූකෝමාව පෙනීම නැති කිරීමේ නිහඬ මාරයා ලෙස ලොව පුරා ප්‍රසිද්ධය. මවුන්ට් ලෝටස් රෝහල වයස 35 න් පසු ඇස් පරීක්ෂා කර ගැනීම කොතරම් වැදගත්ද යන්න අවධාරණය කරයි. 
රෝගය ඇතැයි විනිශ්චය කළ පසු ජීවිත කාලය පුරාම අක්ෂි බින්දු පොදු ප්‍රතිකාරය කළ යුතු අතර එය රෝගීන්ට විශාල බරකි. අක්‍ෂි බින්දු නොමැතිව ජීවත් වීමට ඇති එකම ක්‍රමය SLT ප්‍රතිකාරයයි. එය මෙතෙක් සොයාගෙන ඇති වඩාත්ම ඵලදායී ප්‍රතිකාරය වේ. එය ග්ලූකෝමා රෝගියාට අක්‍ෂි බින්දු නොමැතිව ජීවිතය පවත්වාගෙන යෑමට සහාය වේ.
මවුන්ට් ලෝටස් රෝහල පවසන්නේ එය අද්විතීය ප්‍රතිකාර ක්‍රමයක් බවත් උසස් ප්‍රමිතියෙන් එය පවත්වාගෙන යන බවත්ය. සෑම පුරවැසියකුටම දැරිය හැකි මිලකට වෛද්‍ය ප්‍රතිකාර සපයන බව ප්‍රධාන වෛද්‍ය සමන් බස්නායක මහතා පවසයි. ISO 9001:2015 තත්ව සහතිකය ලත් රෝහල බාහිර රෝගී සත්කාර පහසුකම්, ENT රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ඉහළ ප්‍රමිතියෙන් යුතුව සපයන බව සහතික කරයි. ලෝක ග්ලූකෝමා සතියට සමගාමීව මවුන්ට් ලෝටස් රෝහලට අවශ්‍ය වන්නේ ඒ ආශ්‍රිත අවදානම් පිළිබඳව ජනතාව තුළ දැනුවත්භාවය ඇති කිරීමට සහ SLT ප්‍රතිකාර හරහා රෝගීන්ට හොඳම ප්‍රතිකාර සැපයීම සහතික කිරීමටයි. Medicare ප්‍රදර්ශනයේ ඔවුන්ගේ මෑත කාලීන නියෝජනය බොහෝ දෙනකුට අක්ෂි බින්දු නොමැතිව ජීවත් වීමට SLT ප්‍රතිකාරයේ අද්විතීය ප්‍රතිලාභ තේරුම් කර දීමට උපකාර විය. මුල් අවධියේ ග්ලූකෝමාව හඳුනා ගත්තොත් අක්ෂි බින්දු භාවිත නොකර SLT ප්‍රතිකාරය තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. යමකු දැනටමත් අක්ෂි බින්දු භාවිත කරන්නේ නම් ඔවුන්ට අක්ෂි බින්දු ගණන අඩු කිරීමට හෝ එය භාවිත කිරීම ස්ථීරවම නැවැත්වීමට හැකිය. 

 



අදහස් (0)

මවුන්ට් ලෝටස් ග්ලූකෝමා සතිය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site