වසර 7 කට පසුව ඍජු ආයෝජන ඩොලර් බිලියනය ඉක්ම වූ පළමු අවස්ථාව මෙයයි
2024 වසරට සාපේක්ෂව සියයට 37ක වර්ධනයක්
2018 වසරෙන් පසුව ඩොලර් බිලියනය ඉක්ම වූ පළමු වසර
2025 අවසන් මාස තුනේදී ඩොලර් මිලියන 484 ක ඍජු විදේශ ආයෝජන
භානුක අමරසිංහ
පසුගිය 2025 වසර අවසන් වන විට මෙරටට හිමි වුණු ඍජු විදේශ ආයෝජනවල (FDI) වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,044 ක් බව මහ බැංකුව පවසයි. 2025 වසරේ මුල් මාස නවය තුළ එය ඩොලර් මිලියන 560 ක් ලෙස සටහන් විය. ඒ අනුව මෙය වසරේ අවසන් මාස තුනේදී මෙරට වෙත තවත් ඩොලර් මිලියන 484 ක ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය වීමකි.
එසේම 2025 වසරේ ලැබුණු මෙම ඍජු විදේශ ආයෝජන වටිනාකම, 2024 වසරේදී හිමි වූ ඩොලර් මිලියන 761 හා සැසඳීමේදී සියයට 37 ක කැපී පෙනෙන වර්ධනයක් ලෙසත් සටහන්ව තිබේ.
ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් වෙත එම සමාගම්වලට සම්බන්ධිත පාර්ශ්ව වෙතින් වූ විදේශීය ණය ඇතුළත් නොවූ විදේශීය ඍජු ආයෝජන වටිනාකම් මේ සඳහා ඇතුළත්ව තිබෙන බව 2026 පෙබරවාරි මාසය සඳහා වන විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමින් මහ බැංකුව පවසයි.
මේ අතර 2018 වසරෙන් පසුව ශ්‍රී ලංකාව ඩොලර් බිලියනය ඉක්ම වූ ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමකට සමත් වූ පළමු වසර ලෙසත් 2025 සැලකෙයි. 2018 දී ඩොලර් මිලියන 1,614 ක ඍජු විදේශ ආයෝජන ප්‍රමාණයක් මෙරටට හිමි වූ අතර, 2019 දී එය ඩොලර් මිලියන 743 ක් දක්වා පහත වැටුණි. අනතුරුව 2020 සිට 2024 දක්වා එය පිළිවෙළින් ඩොලර් මිලියන 743ක්, 434ක්, 592ක්, 884ක්, 713ක් සහ 761ක් ලෙස සටහන්ව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd