නිමල කොඩිතුවක්කු


රටවල් 39 ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා නොමිලේ සංචාරක විසා නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඒ අනුව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, චීනය, ජපානය, ප්‍රංශය, කැනඩාව ඇතුළු රටවල් සඳහා මෙම වීසා පහසුකම් හිමිවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තෝරාගනු ලැබූ රටවල් 39 ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන්ට ගාස්තු අය කිරීමකින් තොරව මාස 6 ක කාලසීමාවක් සඳහා නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට 2025-ජූලි 21 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.