මේ වසරේ මාර්තු මාසය තුළ මෙරට වෙත පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 183,979 ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙය 2025 වසරේ මාර්තු මාසයේදී පැමිණි සංචාරකයන් 229,298 හා සැසඳීමේදී සියයට 19.7 ක අඩුවීමකි. මාර්තු මාසයේදී සංචාරකයන් ලක්ෂ තුනක ඉලක්කයක් පැවතියද, මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් එය ලක්ෂ දෙකක් දක්වා පහත හෙළිණි.
එම දත්ත අනුව මාර්තු මාසයේදී දෛනික සංචාරක පැමිණීමේ සාමාන්‍ය සංචාරකයන් 5,935 කි. ඒ අතරින් දිනක් තුළ වැඩිම සංචාරක පැමිණීම ලෙස 7,318 දෙනෙකු පැමිණ ඇත්තේ මාර්තු 14 වැනිදාය. මාර්තුවේ පැමිණි සංචාරකයන්ගෙන් 47,533ක් එනම් සියයට 26ක් ඉන්දියාවෙන් පැමිණ තිබේ. 
මාර්තු මාසයේ වාර්තා කළ මෙම සංචාරක පැමිණීම් ද සමගින් ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා කාලය තුළ පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 740,634ක් ලෙස සටහන්ව තිබේ. ජනවාරියේදී සහ පෙබරවාරියේදී පිළිවෙලින් සංචාරකයන් 277,327ක් සහ 279,328ක් පැමිණ තිබේ. වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් අතරින් 147,273 ක් ඉන්දියානුවන්ය. එක්සත් රාජධානියෙන් 78,420ක්, රුසියාවෙන් 65,918ක් සහ ජර්මනියේ 53,771ක් ලෙසද සංචාරකයන් පැමිණ තිබේ.