IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මුල් සති දෙකට සංචාරකයෝ 112,415ක් ඇවිත්

 

  • ​ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 17.4ක වැඩිවීමක්
  • වැඩිම සංචාරකයන් ගණන 19,353 ක් ආවේ ඉන්දියාවෙන්

භානුක අමරසිංහ


2025 වසරේ ජනවාරි 01 වැනිදා සිට 14 වැනිදා දක්වා ගත වූ මුල් සති දෙක තුළදී මෙරට විදෙස් සංචාරකයෝ 112,415 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය මගින් නිකුත් කළ සතිපතා සංචාරක පැමිණීම් වාර්තාව තුළ මේ බව ඇතුළත්ව තිබේ.
ඒ අනුව මෙය පසුගිය වසරේ ජනවාරි මුල් සති දෙකේදී පැමිණි සංචාරකයන් සංඛ්‍යාව වූ 92,821 හා සැසඳීමේදී සියයට 17.4 ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ. මෙම ප්‍රවණතාව එලෙසින්ම පැවතිය හොත් ඉදිරි සති දෙක තුළදීත් කැපී පෙනෙන සංචාරක පැමිණීමක් දැකගත හැකි වනු ඇතැයිද කර්මාන්තයට සම්බන්ධ පිරිස් පවසා සිටිති. 2024 ජනවාරි මාසයේදී පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 208,253 ක් විය.
මෙම වාර්තා සඳහන් කරන ආකාරයට මේ වසරේ ජනවාරි 01 සිට 07 දක්වා පළමු දින හත තුළදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 54,853 කි. එසේම ජනවාරි 08 සිට 14 දක්වා දෙවැනි දින හතේදී පැමිණි සංඛ්‍යාව 57,562 කි.
ගත වූ මෙම කාලයේදී එක් දිනක් තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇති දිනය වන්නේ පසුගිය ජනවාරි 02 වැනිදායි. එදින සංචාරකයෝ 9,392ක් මෙරටට පැමිණ තිබේ. එසේම මෙම දින 14 තුළ දෛනිකව සංචාරකයන් පැමිණිමේ සාමාන්‍ය සංචාරකයන් 8,029 කි. මෙහිදී පළමු සති දෙකේදී පැමිණි සමස්ත සංචාරකයන්ගෙන් සියයට 68.8ක ප්‍රතිශතයක් රටවල් 10ක් තර බෙදී ගොස් තිබේ. ඒ අතරින් වැඩිම සංචාරක ප්‍රමාණය වන 19,353 ක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. දෙවැනියට වැඩිම සංචාරකයන ලෙස රුසියාවෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 17,225කි. 
තෙවැනි ස්ථානයේ පසුවන බ්‍රිතාන්‍යයෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 9,178 කි. එසේම ජර්මනියෙන්ද සංචාරකයන් 7,455 ක් පැමිණ තිබේ. මීට අමතරව ඔස්ට්‍රේලියාව සහ ප්‍රංශයෙන් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව පිළිවෙළින් 4,815ක්, 4,749ක් වෙයි.
කෙසේ වෙතත් චීනයෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 4,664ක් වන අතර, එය ඉදිරියේදී ඉහළ යනු ඇතැයි අදහස වී තිබේ. මේ අතර, ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සංචාරකයන් 3,372 ක් පැමිණ තිබේ. පෝලන්තයෙන් සහ නෙදර්ලන්තයෙන් පැමිණි සංචාරකයන් සංඛ්‍යාව පිළිවෙළින් 3,361ක් සහ 3,189ක වෙයි. වෙනත් රටවලින් පැමිණි සංඛ්‍යාව 35,054 ක් එනම සමස්ත පැමිණීම්වලින් සියයට 31.2ක ප්‍රතිශතයකි. 



අදහස් (0)

මුල් සති දෙකට සංචාරකයෝ 112,415ක් ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 780 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site