භානුක අමරසිංහ
විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන් 2025 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා මුල් මාස 11 දී මෙරට වෙත එවූ සමස්ත ප්‍රේෂණ මුදල්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 7,197.7ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය පසුගිය වසරේ එම කාලසීමාවේදී මෙරටට ලැබුණු ප්‍රේෂණ මුදල්වල වටිනාකම වූ ඩොලර් මිලියන 5,961.6 ට සාපේක්ෂව ඩොලර් මිලියන 1,235.5 ක එනම් සියයට 20.7 ක වර්ධනයකි.
මෙහිදී නොවැම්බර් මාසයේදී පමණක් ඩොලර් මිලියන 673.4 ක් වටිනා විදේශ මුදල් ප්‍රේෂණ ලැබීමක් සිදුව ඇති අතර, එය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී හිමි වුණු ඩොලර් මිලියන 530.1 ක වටිනාකම හා සැසඳීමේදී ඩොලර් මිලියන 143.3 ක එනම් සියයට 27 ක වැඩිවීමකි.
මේ වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් දක්වා පිළිවෙළින් ඩොලර් මිලියන 573ක්, 548ක්, 693ක්, 646ක්, 642ක්, 636ක්, 697ක්, 681ක්, 696ක් සහ 712ක් ලෙස මෙම ප්‍රේෂණ ගලාඒම් වාර්තා වී තිබේ.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මුල් මාස 11 දී ප්‍රේෂණ ගලාඒමේ සියයට 20.7 ක වර්ධනයක්