(තිළිණි ද සිල්වා)
මේ වසරේ මුල් මාස හය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය තුළ සංචාරකයින් දස ලක්ෂ දහ දහස් හාරසිය හතළිස් හතර (1 010 444) දෙනෙකු පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ නවතම දත්ත වල සඳහන් වේ.
පසුගිය වසරේ මුල් මාස හය හා සැසඳීමේදී මෙය 4.8 %ක වර්ධනයක් යැයිද එම අධිකාරිය සඳහන් කරයි.ඉකුත් වසරේ පළමු මාස හය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව නව ලක්ෂ හැටහතර දහස් දෙසිය හැටහතකි (964 267).
ජනවාරි හා ජූනි මාස දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව සැලකීමේ දී වැඩිම සංචාරකයින් ගණනක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එය 172,894 කි. චීනයෙන් සංචාරකයින් 134,744 ක් මෙරටට පැමිණ ඇත.
මේ වන විට රට තුළ ව්‍යාප්ත වී ඇති ඩෙංගු වසංගත රෝග තත්ත්වය නිසා හා මුල් මාස කිහිපය තුළ මෙරට ප්‍රධානතම ගුවන්තොට වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නවීකරණ කටයුතු හේතුවෙන් ගුවන්ගමන් සීමාකිරීම නිසා පැමිණි සංචාරකයින්ගේ පහළ යාමක් පෙබරවාරි, මාර්තු මාසවල දී වාර්තා වී තිබිණි.
මේ හේතුවෙන් ලක්ෂ 25 ක විදෙස් සංචාරක ඉලක්කය සපුරා ගැනීම අභියෝගයක් වී ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
COMMENTS
ලංකාවට එන ගොඩක් සංචාරකයෝ අඩු වියදමෙන් වැඩේ කරගන්න අය. හොද හෝටල් ටිකක් හදල, පොර්ට් සිටිය ඉක්මනට ඉවර කරලා අර මෙගා පොලිස් වැඩේ ඉක්මන් කලොත් නම් ඩුබායි සිංගප්පුරුවේ සල්ලි විසිකරන, සංචාරකයන් ටික අල්ලගන්න පුළුවන්
මේ ගණන් වල තියෙන ඉන්දියානුවන් මෙහි එන්නේ සංචාරයට නොවෙයි.
මේ කවුන්ට් එකට, ඉන්දියන් හා බංගලාදේශ් කාණ්ඩෙත් එක්කලාද?
මේ ගණන්වලට ශ්‍රී ලංකා ජාතික විදේශ ගමන් බලපත් හිමි කරුවන් ගන්නෙත් සංචාරකයන් ලෙස කොහොම වුණත් ඒ කොටසත් අඩුකරන්න ඕනේ නේද?
"අනේ - හපොයි " පවතින පාලනයට තියෙන ලොකුම අභියෝගයක් කලින් සැලසුම් කිසිම ඉලක්කයක් සපුරාගැනීමට නොහැකිවීමයි. හැම ව්‍යාපෘතියක්ම අතරමග නතර කරලා.
ටිකට් විකුණලා හොඳ ගානක් ලැබෙන්න ඇති නේද, ඔක්කොම රටේ සංවර්ධනේට නිසා හොඳයි, යහපාලනේ යටතේ වුණ තවත් හොඳ වැඩක්....!!!
ඔය කියන ගාන එන්න දින 180 ක් තුල දවසට 5555කට වඩා එන්න ඕනේ. අපේ ගුවන් තොටුපලට දවසට ඔය තරම් එනවද?
අපිත් සංචාරක ව්‍යාපාරය කරන අය, එත් අපිට නම් සංචාරකයන්ගේ පැමිණීමේ වැඩි වීමක් දැනුනේ නෑ.
ඒක තමයි පින් කැට වලට බැල්ම දාන්නේ
ශ්‍රමිකයන් හැටියට කොපමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුල වැඩද
සංචාරකයෝ හැම අවුරුද්දකම මේ කාලෙට එනවා වගේම, ඩෙංගු ලෙඩෙත් මේ කාලෙටම එනවා. ඒකට මොනවත් නොකලොත් ඉස්සරහට සංචාරකයෝ තවත් අඩුවෙයි.
සංචාරකයින් ලක්ෂ දහයෙන් හතක් සීගිරිය බලන්න අවොත් සීගිරියට ලැබෙන ආදායම 3500000000 (තුන්සියපනස් කෝටියයි ). සංචාරකයන් සඳහා අඩුම ගන්නේ පිරිසිදුවට යා හැකි වැසිකිලි පද්දතියක් හදන්න කෝටි භාගයක් වෙන් නොකරන්නේ මන්ද ?