( තිළිණි ද සිල්වා )
මේ වසරේ මුල් මාස 04 තුළ දී විදෙස් සංචාරකයින් 888,353 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තා නිකුත් කරමින් සදහන් කර සිටී.
එම සංඛ්‍යාව ඉකුත් වසරේ මුල් මාස 04 දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වූ 765,202 ට වඩා සියයට 16.1ක වර්ධනයක් මේ වසරේ වසරේ මුල් මාස 04 දී වාර්තා වී තිබෙන බවද එම අධිකාරිය පෙන්වා දේ.
ඒ අනුව ජනවාරි මාසයේදී සංචාරකයින් 238,924 ක්ද , පෙබරවාරි මාසයේදී සංචාරකයින් 235,618 ක්ද ,මාර්තු මාසයේදී 233,382 ක්ද සහ අප්‍රෙල් මාසයේදී 180,429 ක්ද මෙරටට පැමිණ තිබේ.
මෙහිදී අප්‍රේල් මාසය තුළ දී 180,429 ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වූ 160,249 හා සැසඳීමේ දී සියයට 12.6 ක ඉහළ යාමකි. පසුගිය අප්‍රෙල් මාසයේදී ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.එම සංඛ්‍යාව 29,86ද කි. බ්‍රිතාන්‍යයෙන් සංචාරකයින් 26,063 ක්ද , චීනයෙන් 17 ,462 ක්ද ,ඕස්ට්‍රේලියාවෙන් 14 ,023 ක් ද ,ජර්මනියෙන් 10,803 ක්ද , ඇමෙරිකාවෙන් 8679 ක්ද වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇත.
මීට අමතරව ප්‍රංශයෙන් සංචාරකයින් 7411 ක්ද , මාලදිවයිනෙන් 5696 , කැනඩාවේ 4972 ක්ද , රුසියාවෙන් සංචාරකයින් 4027 පැමිණ ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මුල් මාස හතරේ සංචාරකයන් පැමිණීමේ වැඩිවීමක්
ethara helaya Saturday, 12 May 2018 10:17 AM
යුරෝපයට සීත සෘතුව නිසා වෙන්න ඇති..