භානුක අමරසිංහ
2025 වසරේ ජනවාරි මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා මුල් මාස දෙක තුළ මෙරට සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 2,702 ක් ලෙස සටහන්ව තිබේ. මහ බැංකුව නිකුත් කළ නවතම කෘෂිකාර්මික දත්ත වාර්තාවේ මේ පිළිබඳව සඳහන් වෙයි. ඒ අනුව මෙය 2024 වසරේ මුල් මාස දෙකේදී සිදුකළ මෙට්‍රික් ටොන් 5,599 ක සීනි නිෂ්පාදනය හා සැසඳීමේදී අඩකින් පමණ අඩුවීමකි. මෙරට සීනි නිෂ්පාදන සමාගම් මගින් නිකුත් කළ දත්ත අනුව මෙම වාර්තාව සකස් කර තිබේ.
මේ අතර 2025 වසරේ මුල් මාස තුනේදී මෙරටට ආනයනය කළ සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 218,623 ක් බව මෙම වාර්තාව සඳහන් කරයි. ශ්‍රී ලංකා රේගුවේ දත්ත අනුව මෙය ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් මෙය 2024 වසරේ මුල් මාස තුනේදී මෙරටට ආනයනය කළ මෙට්‍රික් ටොන් 121,772 ක් පමණ වන සීනි ප්‍රමාණය හා සැසඳීමේදී දෙගුණයකට ආසන්න ඉහළ යාමකි.
මෙම දත්ත අනුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මෙරට සිදුකළ සීනි ආනයනයේ කැපී පෙනෙන වර්ධනයක් දැකගත හැකි බව මහ බැංකුව පවසයි.
මේ අතර ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි සීනි මිල මේ වසරේ මාර්තු මාසයේදී සුළු වශයෙන් පහළ ගොස් ඇති අතර, ගෝලීය ඉල්ලුමේ පැවැති දුර්වලතා ඊට හේතුව වී තිබේ. 2024 වසර තුළ මෙරට සමස්ත සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 80,102 ක් ලෙස සටහන්ව තිබේ. එසේම 2024 වසරේදී මෙරටට සීනි මෙට්‍රික් ටොන් 582,906 ක් ආනයනය කර තිබේ. 2023 දී එය මෙට්‍රික් ටොන් 652,876 ක් විය. 2023 වසරේ මෙරට සමස්ත සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 66,177 කි.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුල් මාස දෙකේ සීනි නිෂ්පාදනය ටොන් 2702යි: මාස තුනකදී ටොන් 2,18,623 ආනයනය කරලා
kamal Koyrala Wednesday, 21 May 2025 03:34 PM
කොයි ආණ්ඩුව ආවත් ජාවාරම් කාරයෝ වැඩ. සංචිත රැකගන්න වෙන්නේ වක්කඩේ තියලා තමයි. ප්‍රතිඵල වලින්ම පේනවා.