IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


මිල පහළ වැටි දකුණේ ගම්මිරිස් වගාකරුවෝ අර්බුදයක

ගම්මිරිස් කිලෝවක් මීට කාලයකට ඉහතදී පැවතියේ රුපියල් දෙදහස් පන්සීයකට
වර්තමානයේ ගම්මිරිස් කිලෝවක් රුපියල් එක්දහස් අටසීය පනහක් දක්වා පහත වැටිලා
කෘෂිකර්ම නිෂ්පාදනයක මිල පාලනය කිරීමේ හැකියාවක් පාලකයන්ට නැති එකයි මේ ඔක්කෝටම හේතුව


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ කිරම එස්. ප්‍රේමතිලක


රටක යම් පාරිභෝගික ද්‍රව්‍යයක මිල උච්චාවචනයවීම සාමාන්‍ය දෙයකි. කාලයෙන් කාලයට භාණ්ඩවල මිල වෙනස්වේ. එයට ඉල්ලු‍ම මෙන්ම සැපයුමද බලපානු ලබයි. මිලෙහි වෙනස රටකට විශාල ලෙස බලපාන සාධකයකි. මෙය රටේ කෘෂි නිෂ්පදනවලට ද පොදු දෙයකි. පොදු ධර්මතාවකි.
එහෙත් යම් පාරිභෝගික ද්‍රව්‍යයක මිල ඉතා උච්ච ස්ථානයක සිට ඉතා පහළට වැටීම සිදු නොවිය යුත්තකි. රටක රජයක් තිබෙනුයේ මේ මිලෙහි වෙනස පාලනය කිරීමටය. එහි පරතරය අවම කිරීමටය. මිල ස්ථාවරව පවත්වාගෙන යාමටය. මිල වෙනස්වන කෘෂි නිෂ්පාදන අතර අද දකුණු පළාතේ ගම්මිරිස් වගාව ගැන එම වගාකරුවන් නගන චෝදනාව බරපතළය.
ඉතා ඉහළ මිලක තිබූ ගම්මිරිස් මිල ඉතා ශීඝ්‍රයෙන් පල්ලම් බසිමින් සිටියි. මේ නිසාම අන්ත අසරණවූ දකුණු පළාතේ ගම්මිරිස් වගාකරුවෝ හිඟ නොවෙති. ඔවුහු මේ හේතුවෙන් බැට කති. ගම්මිරිස් කිලෝවක් මීට කාලයකට ඉහතදී පැවතියේ රුපියල් දෙදහස් පන්සීයකට පමණය.
එසේ තිබූ ගම්මිරිස් මිල එක පාරටම පහත වැටී තිබේ. වර්තමානයේ ගම්මිරිස් කිලෝවක් රුපියල් එක්දහස් අටසීය පනහක් දක්වා පහත වැටීමය. මේ මිල තවත් පහත වැටේදෝයි ලොකු බියකින් දකුණේ ගම්මිරිස් වගාකරුවෝ සිටිති. එසේ වුවහොත් තමන්ට වැලේ වැල් නැතිවන බව ද ඔවුහු කියති. මේ ඔවුන්ගේ කතාබහය.
කපිල කුමාර මහතා - ඇත්තටම ලොකු බලාපොරොත්තු තියාගෙනයි ගම්මිරිස් වගාවට ආවේ. වගාවක් විදිහට ගම්මිරිස් තෝරා ගත්තේ පැවති ඉහළ මිල නිසයි. ගම්මිරිස් වගාව වෙනුවෙන් මුදලක් යට කළා. දැන් තියෙන තත්වය අනුව යට කළ මුදල් ගන්න සෑහෙන්න කාලයක් යාවී. තිබිච්ච ගම්මිරිස් මාකට් එකේ හැටියට වවන්න තිබුණු එකම භෝගය නිසයි ගම්මිරිස් වැව්වේ. කෘෂිකර්ම නිෂ්පාදනයක මිල පාලනය කිරීමේ හැකියාවක් අපේ රටේ පාලකයන්ට නැති එකයි මේ ඔක්කෝටම හේතුව.
අපේ රටේ වගේම පිට රටවලත් අපේ රටේ ගම්මිරිස්වලට හොඳ ඉලු‍මක් තියෙනවා. ඒ රටවල් හඳුනාගෙන අපේ ගම්මිරිස් තොග අපනයනය කිරීමට ක්‍රමයක් ගැන රජය අවධානය යොමු කළ යුතුයි. මොකද ගම්මිරිස් ඉක්මනින්ම නරක් වන දෙයකුත් නෙමෙයිනේ. කාලයක් තියා ගන්න පුළුවන්. ඒ නිසා රජය ඉතා ඉක්මනින්ම ගම්මිරිස් මිල ස්ථාවර මට්ටමකට ගෙන ඒමට ක්‍රියා කළ යුතුයි.
පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ - ගම්මිරිස් මිල හොඳ නිසා මමත් අක්කර දෙකක පමණ ගම්මිරිස් වගාව පටන් ගත්තා. ඒ සඳහා විශාල මුදලක් යට කළා. ළඟදීම අස්වැන්න නෙළන්න පුළුවන් වෙයි. ඒත් ගම්මිරිස් මිල ඉතා ශීඝ්‍රයෙන් පහත බසිමින් තියෙනවා. ගම්මිරිස් මිල ඉහළයාමත් සමගම අපි අපේ වතු කම්කරුවනුත් වැඩි වැඩියෙන් ගම්මිරිස් වගාවට යොමු කළා. ඒ අයගේ ගෙවතුවල ප්‍රධාන භෝගයක් ලෙස ගම්මිරිස් වගා කරන්න උපදෙස් දුන්නා. ඒ අහිංසකයනුත් වියදමක් දරලා ගම්මිරිස් හිටෙව්වා. ඒත් වුණේ නොහිතපු දෙයක්. කවුද හිතුවේ මේ විදිහට ගමිරිස් මිල අඩුවේවි කියලා. රජය මේකට වහාම මැදිහත් විය යුතුයි කියලයි මම හිතන්නේ. එහේම නොවුනොත් දකුණේ ගම්මිරිස් වගාකරුවන් හාන්සියි.
අෂ්ඨ මහා විහාරාධිපති කිරම දේවින්ද හිමි - දකුණු ලකේ ගම්මිරිස් වැඩියෙන් වගා කරන ප්‍රදේශ ලෙස මා උපන්ගම වන කිරම විශේෂයි. ඒ වගේම අපේ ගමට යාබද ගමක් වන කටුවනත් ගම්මිරිස් වගාව ඉතා සරුවට කරනවා. මගේ නෑ පරපුරත් ගම්මිරිස් වගාවේ නිරත වෙලා ඉන්නවා. ඒ මිනිස්සු ගම්මිරිස් මිල බැහැපු නිසා දැඩි අසරණ තත්වයකට පත්වෙලා. ගම්මිරිස් මිල හොඳ මට්ටමකට තිබූ නිසා අපේ ගම්මු වෙන වගා අමතක කරලා ගම්මිරිස් වගාවට ගියා. ගම්මිරිස් මිල අඩුවීමත් එක්ක ඔවුන් කඹලෙන් ළිපට වැටුණා වගේ වැඩක් වුණේ.
නියාගම පාදේශීය සභාවේ මන්තී කේ. පී.සරත් මහතා - පිටිගල හා ඒ අවටත් ගම්මිරිස් වගාව ව්‍යාප්ත වෙමින් පැවතියා. ඒ අය වැඩියෙන්ම ගම්මිරිස් වගා කළේ තේ ඉඩම්වල අතිරේක භෝගයක් ලෙස. තේ ඉඩම්වල සෙවණ සහ පෝර සඳහා සිටුවා ඇති ග්ලිඩිසීරියා ශාකය ඒ සඳහා ප්‍රයෝජනයට ගත්තා. මමත් මගේ තේ ඉඩම්වල අතිරේක භෝගයක් ලෙස ගම්මිරිස් දැම්මා. එයින් අතිරේක හොඳ ආදායමක් ගත්තා. තේ ඉඩමේ වල් නෙළන කොටම ගම්මිරිස් ගස අවටත් වල් නෙළීම නිකම්ම සිද්ධ වෙනවා. ඒ සඳහා අමතර වියදමක් යන්නෙත් නැහැ. තේ දලු‍ නෙළන අයට උදේ තේ දලු‍ ටික නෙළලා අවශ්‍ය නම් හවසට අමතර ආදායමක් ලබා ගැනීමට ගම්මිරිස් නෙළා ගන්නත් පුළුවන්. ඒ නිසා වැඩිපුර කම්කරු කුලිය යන්නෙත් නැහැ. මේ ආකාරයට බලන විට ගම්මිරිස් වගාව හොඳට ව්‍යාප්ත කරන්න පුළුවන් වගාවක්. මිල ඉහළ යාමත් සමගම ගම්මිරිස් වගාව අපේ ප්‍රදේශවල හොඳින් ව්‍යාප්ත වෙමින් පැවතියා. ගම්මිරිස් මිල මේ ආකාරයට පහත වැටීමත් එක්ක අපේ මිනිසුන් දැන් ගම්මිරිස් වගාව පිළිබඳව පෙර තිබූ උනන්දුව නැතිවෙලා ගියා. මේ ආකාරයට ගියොත් ආයෙත් අලු‍තින් ගම්මිරිස් වගාව ව්‍යාප්තවීමක් සිදු නොවෙන්න පුළුවන්. 



අදහස් (0)

මිල පහළ වැටි දකුණේ ගම්මිරිස් වගාකරුවෝ අර්බුදයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 182 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site