IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මෙල්වා සමාගමෙන් යාපනයේ මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට විශේෂ වැඩමුළුවක්

ශ්‍රී ලංකාවේ වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන මෙල්වා සමාගම විසින් යාපනය දිස්ත්‍රික්කයේ මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට ඉදි කිරීම් කර්මාන්තය හා වෙල්ඩින් ශිල්පය පිළිබඳ විශේෂ වැඩමුළුවක් යාපනය වාලම්පූරි හෝටලයේදී සාර්ථක ලෙස පවත්වන ලදී. මේ සඳහා මේසන් හා වෙල්ඩින් ශිල්පීහු 100කට අධික පිරිසක් සහභාගී වූහ.
 ඉදි කිරීම් කර්මාන්තයේ නියැළී සිටින මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ අරමුණෙන් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී ඉදි කිරීම් කටයුතුවලදී නිවැරැදි තාක්ෂණය යොදා ගනිමින් වානේ කම්බි හා GI බට භාවිත කරන ආකාරය පිළිබඳව එම ශිල්පීන් දැනුවත් කරන ලදී. එසේම වැඩමුළුව සඳහා සහභාගී වුණු සියලු දෙනාටම මෙල්වා සමාගම විසින් වටිනා සහතිකයක් පිරිනමන ලදී.
වැඩසටහන සඳහා සහභාගී වූ පිරිසෙන් තෝරා ගත් කණ්ඩායමකට ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය පිරිනමන NVQ තෙවැනි මට්ටමේ ජාතික සහතිකය හිමි කර ගැනීමට අවශ්‍ය පුහුණු සහ මූල්‍ය දායකත්වය මෙල්වා සමාගම විසින් සපයන ලදී. මෙම වැඩසටහන සඳහා සහභාගී වූ සියලුම මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට වටිනා උපකරණ කට්ටලයක් පිරිනැමීමටද මෙල්වා සමාගම කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් කර්මාන්තයේ නියැලී සිටින ශ්‍රමිකයන්ට නිසි වෘත්තීය පුහුණුවක් සහ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ලිඛිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට අවස්ථාව උදා කර දීමේ අරමුණෙන් මෙල්වා සමාගම මෙම වැඩසටහන් මාලාව දිවයින පුරා ක්‍රියාත්මක කරයි. පළපුරුද්දට අමතරව NVQ වැනි පිළිගත් වෘත්තීය සුදුසුකමක් තිබීම දෙස් විදෙස් රැකියා අවස්ථා උදා කර ගැනීමට විශේෂ සුදුසුකමක් වේග මීට සමගාමීව යාපනයේ පැවැති ඉංජිනේරු හා තාක්ෂණ නිලධාරීන්ගේ උත්සවයකට අනුග්‍රාහක දායකත්වය සැපැයීමටද මෙල්වා සමාගම කටයුතු කළේය.



අදහස් (0)

මෙල්වා සමාගමෙන් යාපනයේ මේසන් හා වෙල්ඩින් ශිල්පීන්ට විශේෂ වැඩමුළුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site