භානුක අමරසිංහ
මන්නාරම දිස්ත්‍රික්කයේ මුල්ලිකුලම්හි ඉදිකරන මෙගාවොටි 50 ක ධාරිතාවකින් යුත් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා වන අඩුම ලංසුව ඉදිරිපත් කිරීමට මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සමාගම සිය හවුල්කාර ඩේවිඩ් පීරිස් සමූහයත් සමගින් එක්ව කටයුතු කළ බව පවසයි.
ඒ අනුව සිය සමාගමට මෙම දැවැන්ත පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය හිමි කරගැනීමේ වැඩි අවස්ථාවක් පවතින බවත් විදුල්ලංකා පීඑල්සී සමාගම පෙරේදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් පවසා තිබේ.
මේ අතර වාර්තා සඳහන් කරන ආකාරයට මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ලංසු ඉදිරිපත් කිරීම සඳහා විවෘත කෙරුණු අවස්ථාවේදී සමාගම් හතක් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලංසු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව බලාගාරය ඉදිකිරීමෙන් අනතුරුව ඉන් ජනනය කරන කිලෝවොට් පැය එකක් වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් ශත 3.7700ක මුදලක් ඉදිරිපත් කිරීමට විදුල්ලංකා පීඑල්සී සහ ඩේවිඩ් පීරිස් සමූහය එක්ව කටයුතු යොදා ඇතැයි සඳහන් වෙයි.
එසේම අනෙකුත් ලංසු කරුවන් වූ වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම එක්සත් ජනපද ඩොලර් ශත 3.9600ක මුදලක්ද, හේලීස් සමූහය ඩොලර් ශත 4.1700 ක මුදලක්ද, ලක්දනවි සමාගම ඩොලර් ශත 4.2000 ක මුදලක්ද මෙට්‍රෝකෝර්ප් සමාගම ඩොලර් ශත 4.2100 ක්ද, ACL කේබල්ස් සමාගම ඩොලර් ශත 4.3300 ක මුදලක්ද, එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම ඩොලර් ශත 4.8050ක මුදලක්ද එම බලාගාරයේ කිලෝවොට් පැය එකක් වෙනුවෙන් ඉදිරිපත් කර ඇතැයි එම වාර්තා වැඩිදුරටත් පවසයි.
2025 නොවැම්බර් මස 04
102
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2030
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුල්ලිකුලම්හි 50MW සුළං විදුලිබලාගාරයට විදුල්ලංකා වෙතින් අඩුම ලංසුවක්