IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මාර්තුවේදී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වර්ධනයක්

 

  • නිෂ්පාදන අංශය 63.9ක් - සේවා අංශය 69.8ක් දක්වා ඉහළට 
  • අංශ දෙකම 2025 පෙබරවාරි මාසය හා සාපේක්ෂව වැඩි වේගයකින් ඉහළට 
  • නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වසර හතරකට පසු ඉහළම අගයට 
  • ඇමෙරිකානු තීරු බදු නිසා සේවා ක්‍රියාකාරකම්වල ඉහළ යාමේ වේගය අඩු වෙයි 

 භානුක අමරසිංහ


2025 මාර්තු මාසයේදී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල (ව්‍යාපාර ක්‍රියාකාරකම්වල) සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව මහ බැංකුව පවසයි. 

එහිදී නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 63.9ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සේවා අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 69.8ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතරින් නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙබරවාරියේදී වාර්තා කළ 56.8ට සාපේක්ෂව වැඩි වේගයකින් ඉහළ යෑමකි. එසේම මෙය වසර හතරක් තුළ එම දර්ශකය වාර්තා කළ ඉහළම අගයද වෙයි. “විශේෂයෙන්ම උත්සව සමයේ ඉල්ලු‍ම විශාල වශයෙන් ඉහළ යෑමෙන් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදු වූ සැලකිය යුතු වර්ධනය මීට හේතුව වී තිබේ.’’ මහ බැංකුව පවසයි. 

එසේම එහි සියලු‍ම උප දර්ශකද පසුගිය මාසයට සාපේක්ෂව ඉහළ යාමක් සිදුව තිබේ. 

ඒ අතරින් නව ඇණවුම් දර්ශකය මාර්තු මාසයේදී 71.2ක් ලෙස සටහන්ව ඇති අතර, එය පෙබරවාරියේදී සටහන් වූ 60.5ට සාපේක්ෂව වැඩි වේගයකින් ඉහළ යාමකි. එසේම නිෂ්පාදන දර්ශකය 53.0ට සාපේක්ෂව 70.2ක් දක්වා වැඩි වේගයකින් ඉහළ ගොස් තිබේ. 

“මෙහිදී ආහාර පාන සහ රෙදිපිළි සහ ඇඟලු‍ම් නිෂ්පාදන අංශය තුළ නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල වර්ධනය සමස්ත දර්ශකයේ වර්ධනයට ප්‍රධාන දායකත්වයක් දී තිබෙන බව” මහ බැංකුව පවසයි. 

මේ අතර නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑමට අනුකූලව, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනීම් පිළිවෙළින් 51.9ක් සහ 62.0ක් දක්වා මාර්තු මාසය තුළදී අඩු වේගයකින් සහ වැඩි වේගයකින් ඉහළ යෑමක් වාර්තා කර තිබේ. 

මේ අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මාර්තු මාසයේදීද 56.3 ක් දක්වා අඩු වේගයකින් ඉහළ යෑමක් පැවතුණි. මේ අතර ඉදිරි මාස තුන තුළ නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා වන අපේක්ෂා ධනාත්මක මට්ටමක පවතින බව මහ බැංකුව පවසයි. 

කෙසේ වෙතත් විශේෂයෙන්ම අපනයන නිෂ්පාදන කර්මාන්ත ඇතුළුව බොහෝ ආයතන, ගෝලීය වෙළෙඳාම් කටයුතු තුළ වර්ධනය වන අවිනිශ්චිත තත්වය පිළිබඳව සැලකිලිමත්ව පසුවන බවත් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. 

මේ අතර සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ 69.8ක අගයක් වාර්තා කිරීම සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස ඉහළ යෑම දායක වී තිබේ. 

එහිදී නව ව්‍යාපාර පිළිබඳ දර්ශකය 68.3ක් ලෙස පෙබරවාරියේදී පැවැති 58.5 සිට වැඩි වේගයකින් ඉහළ යෑමක් සටහන්ව තිබේ. 

“තොග සහ සිල්ලර වෙළෙඳාම හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාකරම් උත්සව සමයේ පවතින ඉල්ලු‍ම හේතුවෙන් සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබේ. තවද ණය දීම් ඉහළ යෑම හේතුවෙන් මූල්‍ය සේවා හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩව වර්ධනය වී ඇත.“ 

මීට අමතරව වෘත්තීය සේවා, අනෙකුත් පෞද්ගලික සේවා, නවාතැන් හා ආහාරපාන සැපයීම, සහ රක්ෂණ හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාකරම්ද මාර්තු මාසය තුළ ඉහළ යෑම් පෙන්නුම් කර තිබේ. 

“ප්‍රධාන වශයෙන් මූල්‍ය සේවා තොග සහ සිල්ලර වෙළෙඳාම අනෙකුත් පෞද්ගලික සේවා, රක්ෂණ සහ නවාතැන් හා ආහාර පාන සැපයීම් ආශ්‍රිත කටයුතුවල සිදු වූ වර්ධනයත් සමග 2025 මාර්තු මාසයේදී නව ව්‍යාපාරවල ඉහළ යෑමක් දක්නට ලැබුණි.“ මහ බැංකුව පවසයි.



අදහස් (0)

මාර්තුවේදී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 141 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2046 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1572 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site