IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මාර්තුවේදී තේ ඵලදාව ඉහළට


භානුක අමරසිංහ


මේ වසරේ මාර්තු මාසයේදී මෙරට තේ ඵලදාව තේ කිලෝග්‍රෑම් මිලියන 24.4ක් ලෙස සටහන් වන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් නිකුත් කළ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව මෙය පසුගිය වසරේ මාර්තු මාසයේදී වාර්තා වූ කිලෝග්‍රෑම් මිලියන 19.5 හා සැසඳීමේදී සියයට 25ක කැපී පෙනෙන වර්ධනයකි.

මාර්තු මාසයේදී පෙන්නුම් කළ මෙම සාර්ථකත්වයත් සමගින්ම 2025 පළමු කාර්තුවේදී ජාතික තේ නිෂ්පාදනය තේ කිලෝග්‍රෑම් මිලියන 61.7ක් දක්වා ඉහළ නැග තිබේ. එය පසුගිය වසරේ පළමු කාර්තුවේදී වාර්තා කළ කිලෝග්‍රෑම් මිලියන 58.1 හා සැසඳීමේදී සියයට 6ක වර්ධනයකි. මෙහිදී සියලු‍ම තේ වගා මට්ටම්වල තේ ඵලදාව පෙර වසර හා සැසඳීමේදී ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. ඒ අතරින් මැදි බිම් තේ කිලෝග්‍රෑම් මිලියන 11ක් ලෙස සියයට 9කින්ද, ඉහළ බිම් තේ කිලෝග්‍රෑම් මිලියන 13.8ක් දක්වා සියයට 6කින්ද, පහත් බිම් තේ කිලෝග්‍රෑම් මිලියන 36.9ක් දක්වා සියයට 5.5කින්ද ඉහළ නැග තිබේ. 

මේ අතර පළමු කාර්තුවේදී මෙරට තේ ඵලදාව කිලෝග්‍රෑම් මිලියන 61.7ක් ලෙස සටහන්ව ඇති අතර, එය වසර තුනකට පසුව වාර්තා කළ ඉහළම අගය ලෙසින්ද සැලකෙයි. 



අදහස් (0)

මාර්තුවේදී තේ ඵලදාව ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site