IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


මාර්ක්ස්පෙන් ඩෝමා ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රයට ඉහළ ඉල්ලු‍මක්

මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය සිය ‘14 වැනි සංවත්සරය’ සැමරීමේ උත්සවයක් මාර්ක්ස්පෙන් ප්‍රධාන ආයතන පරිශ්‍රයේදී පවත්වන ලදී. මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අයත් ‘මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම ‘Smart Agriculture’ සංකල්පය හරහා ඉදිරිපත් කරන ‘ඩෝමා තනි එලිවේටර් කණුවේ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර’ වසර දෙකකට ආසන්න ඉතා කෙටි කාලයක් තුළ යන්ත්‍ර 1800ට අධික ගණනක් අලෙවි කර ස්ථාපනය අවසන්ව ඇති බව මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ සමූහ අලෙවි ප්‍රධානී හා මෙහෙයුම් අමල්ක මැණික්කඩවර මහතා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේය.
මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ 14 වැනි සංවත්සර සැමරුම් උත්සවයේ දී ඩෝමා තනි එලිවේටර් කණුවේ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර ඉහළ විකුණුම් ප්‍රතිශතයක් පෙන්වීම සම්බන්ධයෙන් මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ සභාපති ජී. ජී. ඒ. ඩී. ගල්අංග මහතා පවසා සිටියේ, “වසර 14ක් පුරාම පාරිභෝගිකයන් මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය පිළිබදව තැබූ විශ්වාසයට අපි කෘතගුණ වන්නෙමු. මාර්ක්ස්පෙන් සෑම විටම උත්සාහ කරන්නේ ලාංකීය ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමටය. නව තාක්ෂණික දැනුම සහ උපකරණ පිළිබඳව ව්‍යවසායකයන් තුළ පවතින මෙම උනන්දුව පිළිබදව අපි සතුටු වන්නෙමු” යනුවෙනි.
ඩෝමා තනි එලිවේටර් කණුවේ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර, 2023 වසරේ දී මෙරටට ගෙන්වා බෙදාහැරීම් කටයුතු ආරම්භ කළ මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය, සහල්වල ඇති රොඩු, ගල්, වැලි ඇට ආදිය පියවර තුනක් යටතේ පහසුවෙන් ඉවත් කරනු ලබයි. යන්ත්‍රය හැසිරවීම තනි පුද්ගලයකු යටතේ වුවද කළ හැකි වීමෙන් කාලය මෙන්ම මිනිස් ශ්‍රමයද ඉතිරි කරයි. මෙම යන්ත්‍රයේ ඇති තවත් සුවිශේෂත්වයක් නම්, යන්ත්‍රයේ පහළ කොටසින් යන්ත්‍රය තුළට වී එක් කිරීමට හැකිවීමයි. ඒ අනුව කිසිදු ආධාරකයක් නොමැතිව ආරක්ෂාකාරීව වී සහල් බවට පත්කර ගැනීමේ කාර්යය සිදු කර ගැනීමට මෙම ‌ඩෝමා සිංගල් එලිවේටර් යන්ත්‍රය මගින් හැකියාව ලැබෙනු ඇත.
2011 වසරේ දී බාකෝඩ් ලේබල් මුද්‍රණ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ අතර, වර්තමානයේ දී ව්‍යාපාර කේෂ්ත්‍රයේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන ව්‍යාපාර සමූහයක එකතුවක් බවට පත්ව ඇති මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය, තාක්ෂණය හරහා වෙනසක් සිදු කරමින් ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන්ගේ හැකියාව ශක්තිමත් කිරීමට කැපවී ක්‍රියා කරන සමාගමකි. වසර 14ක පුරා මාර්ක්ස්පෙන් සමූහයේ විශිෂ්ට වර්ධනයට එහි දූරදර්ශී නායකත්වයට හේතු වේ. එයට මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපරයේ සභාපති ජී. ජී. ඒ. ඩී. ගල්අංග, අධ්‍යක්ෂවරුන් වන එස්. කේ. ජයමාලි සහ ඩී. පී. ගල්අංග සහ සාමාන්‍යාධිකාරී ඩී. ඩී. ඒ. ගුණසේකර ඇතුළත් වේ. ඔවුන්ගේ මග පෙන්වීම යටතේ මාර්ක්ස්පෙන් ප්‍රධාන සන්ධිස්ථාන කිහිපයක් අත්කර ගෙන ඇත.
මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ ආරම්භක සමාගම වන මාර්ක්ස්පෙන් ලේබල්ස් (පුද්ගලික) සමාගම නිෂ්පාදන සඳහා අවශ්‍ය වන නවීන උපකරණ සහ සේවා සැපයීම සිදු කරනු ලබයි. මෘදුකාංග, බාර්කෝඩ් මුද්‍රණ යන්ත්‍ර, බාර්කෝඩ් දත්ත කියවීමේ යන්ත්‍ර ගෙන්වා බෙදා හැරීම මාර්ක්ස්පෙන් ලේබල්ස් (පුද්ගලික) සමාගම සිදු කරයි. මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ‘Smart Agriculture’ සංකල්පය හරහා DOMA CTP 20 ඇතුළු ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර මාදිලි රැසක් මෙරටට ගෙන්වා බෙදාහැරීම සිදු කරනු ලබයි. 
මෙයට අමතරව වී වියළීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් යන්ත්‍ර, සහල්වල කළු ඇට ඉවත් කිරීමේ යන්ත්‍ර, පොල්තෙල් සිඳින යන්ත්‍ර ආදි යන්ත්‍රසූත්‍ර සදහා මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ප්‍රමුඛතාව ලබා දෙනු ලබයි.
වර්තමානය වන විට මාර්ක්සපෙන් සමූහ ව්‍යාපාරයට අයත් ප්‍රදර්ශනාගාර දිවයින පුරා ව්‍යාප්ත කරමින් පවතී.



අදහස් (0)

මාර්ක්ස්පෙන් ඩෝමා ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රයට ඉහළ ඉල්ලු‍මක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 617 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17576 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site