IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්හි ශක්තිමත් අර්ධ වාර්ෂික කාර්යසාධනයක්

වත්කම් රුපියල් බිලියන 100 ඉක්මවයි

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් (MI Finance) සමාගම, දෙවැනි කාර්තුවේ කැපීපෙනෙන ලාබ වර්ධනයක් සමගින් සමස්ත වත්කම් රුපියල් බිලියන 100 ඉක්මවා යාමට සමත්ව තිබේ. මෙම කාර්ය සාධනයත් සමග එම සමාගම මෙරට ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් ලෙස සිය ස්ථානය තහවුරු කරගෙන ඇත. වසර 60 ක් පුරා එම සමාගම මධ්‍යම ප්‍රමාණයේ ආයතනයක සිට වෙළෙඳපොළේ ප්‍රමුඛ ආයතනයක් දක්වා ආ ගමන්මග මෙම මූල්‍ය වාර්තා මගින් මැනවින් පිළිබිඹු කෙරේ. 
ඒ අනුව, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම, අර්ධ වර්ෂය සඳහා රුපියල් මිලියන 504 ක ශුද්ධ බදු පසු ලාබයක් වාර්තා කළ අතර, එය 35 ක වසරින් වසර වර්ධනයකි. මේ අතර, එම සමාගමේ බදු පෙර ලාබය ද රුපියල් මිලියන 837 ක් ලෙස වාර්තා වූ අතර එය සියයට 34 ක වර්ධනයකි. සියයට 86 ක වර්ධනයක් පෙන්නුම් කළ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ණය පදනම, මෙම දැවැන්ත කාර්ය සාධනයට ප්‍රධාන වශයෙන් බලපෑ අතර, එය රුපියල් බිලියන 75 ක් ලෙස වාර්තා විය. 
ශුද්ධ පොලී ආදායම ද රුපියල් බිලියන 3.4 ක් දක්වා සියයට 24 කින් වර්ධනය වූ අතර, මුලික ආදායමේ සිදු වූ සියයට 27 ක වර්ධනය සහ අරමුදල් පිරිවැය අඩු කළ ක්‍රමෝපායික ප්‍රතිමිලකරණය එම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපෑවේය. දිවයිනේ පළාත් නවය තුළ ක්‍රමෝපායික ලෙස ස්ථාපනය කර ඇති ශාඛා 85 ක ජාලය පුළුල් කිරීම හරහා ළඟාකර ගත් තැන්පතුවල සියයට 40 ක ශක්තිමත් වාර්ෂික වර්ධනය, ලාබ පරතරය පුළුල්කර ගැනීමට හේතු විය. 
මෙම වර්ධනය, සමාගම තුළ සිදු වෙමින් පවතින පරිවර්තනීය වෙනස නිරූපණය කරයි. මාස 18 ක් තුළ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ශාඛා ජාලය 40 ක සිට 85 ක් දක්වා පුළුල් කිරීමට කටයුතු කෙරුණු අතර, මූල්‍ය අර්බුදයෙන් තවමත් නැගී සිටිමින් සිටින අංශයක දැඩි ශික්ෂණයෙන් යුතුව සේවා පෙළ ක්‍රියාත්මක කිරීමට එම සමාගම කටයුතු කළේය. ණය අංශය රුපියල් බිලියන 37 ක සිට රුපියල් බිලියන 75 ක් දක්වා දැවැන්ත ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, ශ්‍රී ලාංකේය පාරිභෝගික අංශයට සේවා සැලසීමට අත්‍යවශ්‍ය වන රන් ණය ද රුපියල් බිලියන 2 ක සිට රුපියල් බිලියන 12 දක්වා කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කළේය. ඒ අතර, ශක්තිමත් පාරිභෝගික විශ්වාසය සහ තිරසර ද්‍රවශීලතා ආමුඛවීම් පිළිබිඹු කරමින් තැන්පතු ද රුපියල් බිලියන 36 ක සිට රුපියල් බිලියන 51 ක් දක්වා වර්ධනය විය. 
වර්ධන ප්‍රමාණය ඉක්මවා යමින්, සේවා පෙළෙහි සිදුවී තිබෙන ගුණාත්මක වෙනස ද මෙම වර්ධනයට පදනම වී තිබේ. සමාගම විසින් මේ වනවිට අනුගමනය කරමින් සිටින ව්‍යාපාරික වර්ධන ක්‍රමෝපායට අනුව වත්කම්වල ගුණාත්මක බව පෙන්නුම් කරමින් අක්‍රීය ණය ප්‍රතිශතය සියයට 4.65 ක් වැනි සුවිශේෂී මට්ටමක පවත්වා ගැනීමට සමාගම සමත්ව තිබේ. රුපියල් බිලියන 15 ක ශක්තිමත් ප්‍රාග්ධන පදනම එම කාර්ය සාධනයට ප්‍රධාන වශයෙන් බලපෑවේය. මෑතකදී Fitch Ratings Lanka ආයතනය, ඉහළ නංවන ලද ස්ථාවර දර්ශනයක් සමගින් BBB-(lka) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම යළිත් තහවුරු කිරීම ද එම කාර්ය සාධනයට බලපෑ තවත් සාධකයකි. 
“සමස්ත වත්කම් රුපියල් බිලියන 100 ක මට්ටම ඉක්මවා යාමට සමත් වීම, අප දශක හයක කාලයක් පුරා තැන්පත්කරුවන්ගේ අභිලාශ ඉටු කිරීමටත්, ඔවුන් සඳහා අර්ථවත් අගයක් නිර්මාණය කිරීමටත් දැක්වූ කැපවීමේ ප්‍රතිඵලයකි. මෙම සංධිස්ථානය මගින් අපගේ සැලසුම් සහගත වර්ධන ක්‍රමෝපාය සහ ශික්ෂණයෙන් යුතු ක්‍රියාත්මකවීම මෙන්ම, සිය මූල්‍ය සහකරු ලෙස අප තෝරාගත් 250,000 කට අධික ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය ද පිළිබිඹු කරනවා,”‍ යනුවෙන් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි මහතා සඳහන් කළේය.



අදහස් (0)

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්හි ශක්තිමත් අර්ධ වාර්ෂික කාර්යසාධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6143 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 318 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 347 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1281 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site