IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මිනිස්සුන්ට සල්ලි නෑ අපට බිස්නස් නෑ

පිටකොටුව වෙළෙද නගරයේ එක් එක් භාණ්ඩ සදහා සුවිශේෂී වූ වීදී රාශියකි. බෑග්, ඔරලෝසු, පාවහන් සදහා මල්වත්ත පාර, විසිතුරු භාණ්ඩ වීදුරු භාණ්ඩ පොලිතින් සදහා චයිනා වීදිය, මංගල අරයුම් පත් ආදිය සදහා මැලිබන් වීදිය රත්තරන් බඩු සදහා හෙට්ටි වීදිය, විදුලි උපකරණ කොටස් හා ඉලෙක්ට්‍රොනික් කොටස් සදහා 01 වැනි හරස් වීදිය, රෙදි සහ මැහුම් උපකරණ සදහා 2 වැනි හා 3 වැනි හරස් වීදි, ආහාර ද්‍රව්‍ය සදහා 4 සහ 5 වැනි හරස් වීදී ආදී ලෙස බෙදී ගොස් ඇත. මේ විදී අතරින් අපි ගමන් කළේ පස්වැනි හරස් වීදීය දිගේය. හාල්, කුළුබඩු, අල, ලූනු, පරිප්පු, කරවල මේ ආදී මෙකී නොකී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රට පුරා බෙදා හැරීම පිණිස මෙරට නම් දරාපු ස්ථානයක් ලෙස ප්‍රකටව පවතින්නේ මෙම 5 වැනි හරස් වීදියයි. මේ දිනවල වෙළෙදාම පිළිබදව දැනගැනීමට අපි ගොඩ වූයේ සතීෂ් සේකරම් මහතාගේ තොග වෙළෙදසල වෙතයි.


Q: මේ දිනවල බිස්නස් කොහොමද?
බිස්නස් සාමාන්‍ය විදියට කෙරීගෙන යනවා. එහෙත් ලොකු වෙළෙදාමක් වෙන්නේ නෑ. අපි ළග තියෙන්නෙ කොහොමත් අල, ලූනු, පරිප්පු, වගේ එදිනෙදා ඕන වෙන බඩු නිසා සිල්ලර වෙළෙදුන්ට බඩු ගන්න අපි ළගට එන්න වෙනවා. වෙනදට නත්තල අලු‍ත් අවුරුද්ද එද්දි අපිට හොදට බිස්නස් තියනවා. වෙන අවුරුදුවල උත්සව සමයට වඩා නම් මේ පාර බිස්නස් අඩු වුණා. 2025 අවුරුද්දේ බිස්නස් කොහොම වෙයිද කියලා දැම්ම හිතා ගන්න බෑ. ආයේ අපිට හොදටම බිස්නස් සිංහල හින්දු අලු‍ත් අවුරුද්දට තියෙයි කියලා අපි හිතනවා.


Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
බඩුමිල නිසා නම් වෙළෙදාම අඩු වුණා කියන්න බෑ. මොකද බඩු මිල නම් වෙනදට වඩා අඩු වෙලා තියෙන්නේ. මම හිතන විදියට නම් මිනිස්සුන්ට සල්ලි නැති නිසා තමයි අපිට වෙළෙදාම අඩු වෙලා තියෙන්නේ. ගෙදරට අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය වෙලත් අපේ බිස්නස් අඩුයි කියන්නේ අනිත් වෙළෙදාම්වල කොහොමත් අඩු ඇති. අපිත් කඩ කුලි ගෙවන්න ඕන. ලයිට් බිල් වතුර බිල් ගෙවන්න ඕන. සේවකයන්ට පඩි ගෙවන්න ඕන. ඉතිං ඒ හැමදේම ගෙවල ඉවර වෙද්දි ඇති ලාබෙකුත් නෑ. අපිට වගේම තමයි සිල්ලර වෙළෙන්දන්ටත් මේ ප්‍රශ්න ටික මේ විදියටම තියනවා. ඒ නිසා තමයි සිල්ලර වෙළෙන්දෝ බඩු ගන්නවා අඩු වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ කාටත් පොදු ප්‍රශ්නයක්.

ශෂිකා අබේරත්න
ඡායාරූප-ඉසුරු පෙරේරා



අදහස් (0)

මිනිස්සුන්ට සල්ලි නෑ අපට බිස්නස් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site