IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මාදු රිවර් රීච් හෝටලය විවෘත කෙරේ

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත


සුන්දර මාදු ගඟේ ගං ඉවුරක් පාදක කර ගනිමින් එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ ඉදිවූ අංගසම්පූර්ණ දැවැන්තම හෝටල් සංකීර්ණය වන මාදු රිවර් රීච් හෝටල් සංකීර්ණය බලපිටිය හීනටියේදී පසුගියදා විවෘත කෙරිණ.
විශේෂිත ආරාධිතයන් සහභාගී කරවා නොගෙන හෝටලය තැනූ සේවකයන් හා ඔවුනගේ පවුල්වල අය සහභාගි කරවා ගනිමින් ආගමට දහමට මුල්තැන දෙමින් සර්ව රාතික පිරිත් සජ්ජායනාවක් පවත්වා මහා සංඝගත දක්ෂිණාවක් ද සිදු කොට මේ සිව් මහල් හෝටල් සංකීර්ණය විවෘත කිරීම විශේෂයෙන්ම කැපී පෙනේ.
සිත් ගන්නා මනරම්වූත්, මනස්කාන්තවූත් පරිසරයකින් සමන්විත බලපිටිය හීනටියේ මාදු ගඟේ ගං ඉවුරක් පාදක කර ගනිමින් මාදු රිවර් රීච් හෝටල් සංකීර්ණය ඉදිකර ඇති අතර ගං ඉවුරේ ඇති කිසිදු කඩොලාන ශාකයකටවත් හානියක් සිදු නොකොට කඩොලාන ශාක පද්ධතියට ද ආලෝකයක් ගෙන දෙන ආකාරයට මේ හෝටල් සංකීර්ණය ඉදිකිරීමට මෙහි හිමිකරු වන පාලිත පියංකර මහතා පියවර ගෙන තිබේ. 
මේ සංචාරක හෝටලය උත්සව ශාලා දෙකකින් සහ අවන්හල් දෙකකින් සමන්විතය. හෝටලය අංග සම්පූර්ණ කාමර දහයකින් යුක්තය. පරිසර හිතකාමී බෝට්ටු සේවාවක් ද සිය හෝටලයට අනුබද්ධිතව පවත්වාගෙන යනු ලබන බව එහි හිමිකරු වන පාලිත පියංකර මහතා අප සමග කිය.

 



අදහස් (0)

මාදු රිවර් රීච් හෝටලය විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site