කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
බලපිටිය මාදු සම්පත ස්වයං ව්‍යවාසක එකමුතුව විසින් ස්ථාපිත කරන ලද මාදු ගඟේ පාවෙන අලෙවි සල විවෘත කිරීම එම එකමුතුවේ අධීක්ෂණ නිලධාරී දුමිදු ජනක මහතාගේ සම්බන්ධීකරණයෙන් බලපිටිය ප්‍රාදේශීය ලේකම් මාලක ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 8.30 ට බලපිටිය ගොඩගෙදර මාදු ගඟ තොටුපොළේදී සිදුකෙරේ.
අඟුල් දෙකක් ආධාරයෙන් නිමවා ඇති මේ අලෙවි සලේ අලෙවි කිරීමට තිබෙනුයේ බලපිටියේ කතුන්ගේ දෑතින් නිර්මාණය කෙරුණු පරිසර හිතකාමී අත්කම් සහ විසිතුරු නිර්මාණයි.
මාදු ගඟේ සංචාරයේ යෙදෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා මේ පාවෙන අලෙවි සල ස්ථාපිත කළ බව මාදු ගඟ සම්පත ස්වයං වයවසායකයන්ගේ එකමුතුවේ අධීක්ෂණ නිලධාරී දුමිදු ජනක මහතා කීවේය.
මේ පාවෙන අලෙවි සල මාදු ගඟේ විවෘත කිරීමේ ප්‍රධානතම අරමුණ මාදු ගඟේ සංචාරක ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමත්, රැකියා විරහිත කතුන්ට රැකියා උත්පාදනය කිරීමත් බව දුමිදු ජනක මහතා කීය.
දෙස් විදෙස් සංචාරකයන් සඳහා මෙවැනි පාවෙන අලෙවි සලක් මාදු ගඟේ විවෘත වන පළමු අවස්ථාව මෙය බව ද දුමිදු මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
533
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාදු ගඟේ පාවෙන අලෙවි සල අද විවෘත කෙරේ