ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමත් අරමුණක්
නිර්දේශ 40ක් සම්බන්ධයෙන් ලංකාව අනුකූලතාව ප්‍රදර්ශනය කළ යුතුයි.
ප්‍රතිඵල 11ක් තුළ අන්‍යොන්‍ය ඇගයීමක්
ආයතන ගණනාවකට දැනුම්දීලා
වංචාව දූෂණය පිටුදකින ප්‍රයත්නයටත් ශක්තියක්
යොහාන් භාසුර
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම සම්බන්ධීකරණය කරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව පිළිබඳ ශ්‍රී ලංකාවේ තුන්වැනි අන්‍යොන්‍ය ඇගයීම ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.
මූල්‍ය කාර්ය සාධක බලකායේ (මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ගෝලීය ප්‍රතිපත්ති සම්පාදක) නිර්දේශ 40 ක් සම්බන්ධයෙන් දක්වන තාක්‍ෂණික අනුකූලතාව මෙන්ම ප්‍රතිඵල 11 ක් හරහා ඒවා ඵලදායි ලෙස ක්‍රියාත්මක කරන්නේ යැයි අන්‍යොන්‍ය ඇගයීම තුළ ශ්‍රී ලංකාව ප්‍රදර්ශනය කළ යුතු යැයි මහ බැංකුව කියයි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුවේ පවතින දුර්වලතා නිවැරදි කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගෙනහැර දක්වන, අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දියයුතු ක්‍රියාකාරී සැලසුම් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නීතිපති දෙපර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා රේගුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, අධිකරණ අමාත්‍යංශය, ආරක්‍ෂක අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්‍ෂණ නියාමන කොමිෂන් සභාව, ඉදිකිරීම් කර්මාන්තත සංවර්ධන අධිකාරිය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලය සහ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තතුව යන අදාළ පාර්ශවකාර ආයතන වෙත දැනුම් දී ඇති බව ද මහ බැංකු පවසයි.
ආයතන අනුව සකස් කළ එම ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කටයුතු අධීක්‍ෂණය කිරීම සහ පසු විපරම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවයෙන් 2023 වසරේදී මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ කාර්ය සාධක බලකාය ද ස්ථාපිත කළ බව මහ බැංකුව සඳහන් කරයි.
මෙම ක්‍රියාවලිය සඳහා රජයේ සහයෝගය සහතික කරමින් ශ්‍රී ලංකාවේ දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා රජය ගෙනයන ප්‍රයත්නයන්ට අනුකූලව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, එම මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ කාර්ය සාධක බළකාය ඉහළ මට්ටමේ අමාත්‍ය නියෝජනයක් සහිතව ප්‍රතිසංවිධානය කර ඇත.
එම කාර්ය සාධක බළකායේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අළුවිහාරේ මහතා කටයුතු කරයි.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නෙලුමනී දවුලගල, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ඒ.කේ.ඩී.ඩී.ඩී. අන්දර යන මහත්ම මහත්මීහු එහි සෙසු සාමාජිකයෝ වෙති.
පසුගිය ජනවාරි 29 දින පැවති එහි පළමු රැස්වීමේදී, කාර්ය සාධක බළකායේ සභාපතිවරයා සහ එහි සාමාජිකයන් විසින් අන්‍යොන්‍ය ඇගයීමේ උපායමාර්ගික වැදගත්කම ඉස්මතු කරන ලද අතර, මෙම තීරණාත්මක ඇගයීමට සාර්ථකව මුහුණ දීම සඳහා සෑම පාර්ශ්වකරුවකුගේම පූර්ණ සහයෝගීතාව ඉල්ලා සිටියේය.
කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී
ශ්රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට කාර්ය සාධක බලකායක්