ඊයේ දිනය අවසානයේ දී කොළඹ කොටස් වෙළෙද පොළ ගනුදෙනු නැවතත් රතු පැහැයට හැරිණ. තියුණු පසුබෑමක් වාර්තා කළේය. සියලු කොටස් මිල දර්ශකය 15,11.36 ක් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 142.65 ක පසුබැසීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,749.69 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 66.41 ක පහළ යාමක් වේ.
කලින් දිනයට සාපේක්ෂව තව දුරටත් පිරිවැටුම අඩු වූ අතර එය රු. බිලියන 4.12 කට සීමා වී තිබුණි. මෙදින ගනුදෙනු 24,944 ක් සිදුවී තිබේ. කලින් දිනයේ ගනුදෙනුවල මිලට සාපේක්ෂව සමාගම් 165 ක කොටස් මිල පහත වැටිණි. සමාගම් 72 ක කොටස් මිල ඉහළ ගියේය. රු මිලියන 427 ක ජොන් කීල්ස් කොටස් හුවමාරු වූ අතර රු. මිලියන 263 ක බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් කොටස් විකිණී තිබුණි.
වැඩිම පිරිවැටුමක් සඳහා දායක වූ කොටස් හිමි සමාගම් අතර එල්. බී. ෆයිනෑන්ස් රු. මිලියන 233 ක්, ආර්. අයි, එල්. ප්‍රොපටි රු. මිලියන 222 ක හා ඩිජිටල් මොබයිල් රු. මිලියන 160 ක කොටස් ඒ අතර විය. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්, ජෝන් කීල්ස්, ආර්. අයි, එල්. ප්‍රොපටි, සම්පත් බැංකුව සහ එච්.ඩී.එෆ්.සී බැංකුව යන කොටස් වැඩිම කොටස් ප්‍රමාණයක් හුවමාරු විය. නේෂන්න ලංකා, ඉන්ඩ්‍රස්ට්‍රියල් ඇස්පගල්ස්, එස්.එම්.බී. ලීසිං, යූ.බී. ෆිනෑන්ස්, සමාගම්වල කොටස් වැඩිම ප්‍රතිශතයකින් ඉහළ ගිය අතර සෙංකඩගල ෆිනෑන්ස්, නවලෝක, මිලෙනියම් හවුස්, මයිලෑන්ඞ්, කොළඹ ඉන්වෙස්ට්මන්, සහ සී. ටී. ලෑන්ඩ් කොටස් වැඩිම ප්‍රතිශතයකින් පහතට වැටුණ සමාගම් අතර වේ.
ඒ.සී.එල්. ප්ලාස්ටික් කොටස් ගනුදෙනු සුළු මොහොතකට තාවකාලිකව නතර කර තිබුණ අතර වෙළෙඳ පොළ නිර්නායක අනුව අනාවරණ සඳහා අසමත්වීම හේතුවූ බව දැක්වේ. කෙසේ වෙතත් ඊයේ ගනුදෙනු සඳහා නැවත ඉඩ දීමෙන් පසු කොටසක මිල රු. 594 දක්වා රු. හතළිස් දෙකකින් පමණ දිනයේ ගනුදෙනු අතර පහත වැටිණ. අද සිකුරාදා දිනයේ ගනුදෙනු අවසන් කිරීමෙන් පසු සඳුදා හා අඟහරුවාදා දෙදින වෙළෙඳ පොළ නිවාඩු ප්‍රකාශයට පත්ව ඇත. සිකුරාදා දිනයේ ගනුදෙනු සීමා විය හැකි අතර නැවත වෙළෙඳ පොළ ලබන සතියේ ආරම්භවීමෙන් පසු යුහුසුළුවීමක් අපේක්ෂා කළ හැකිය. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ වාණිජ බැංකුවල තැන්පත් දිරිමත් කරන ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් සපයා ඇති අතර අඩු පොලී අනුපාත තිබිය දී පවා ආර්ථික දියුණුව අරමුණු කරගෙන තැන්පත් වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවක් පවතින බව පෙන්වා දී ඇත. කොටස් වෙළඳපොළ වර්ධනය පවා වාණිජ බැංකු තැන්පත් ආකර්ශණය කරගැනීමට හරවා ගැනීම සුදුසු තත්වයක් බව දක්වා තිබේ.
මේ අතර ජාත්‍යන්තර වෙළෙඳ පොළේ බොරතෙල් මිල ගණන් සති තුනක කාලයක් ඇතුළත ඉහළම මිලට ගොස් තිබේ. බැරලයක බ්‍රෙන්ට් මිල ඇමරිකානු ඩොලර් 77.32 කි. ලෝක වෙළෙද පොළ සැපයුම සීමාසහිතවීම මෙම මිල ඉහළ නැගීමට හේතුව සේ දැක්වේ. මෙම ස්වභාවය මෙරට ආර්ථිකයට ඉදිරියේ දී බලපෑමක් එල්ල කරනු ඇතැයි සැලකිය හැකිය.
නිරීක්ෂක
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මෑත කාලයේ අඩුම දෛනික පිරිවැටුම වාර්තා වේ.