IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මත්පැන් බලපත්‍රධාරීන්ට බදු වැඩමුළුවක් 14දා මීගමුවේදී

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය විසින් බදු ශක්ති’ ජාතික බදු සතියට සමගාමීව දිවයින පුරා සිටින මත්පැන් බලපත්‍රධාරීන් සඳහා සංවිධානය කරනු ලබන එක්දින වැඩමුළුවක් සහ සුහද හමුවක් මීගමුවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. වැඩමුළුව මෙම මස 14 දින පෙරවරු 9.30 සිට පස්වරු 4 දක්වා මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. 
මුදල් අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ, සහ නව්‍යකරණ අංශය, සුරාබදු දෙපාර්තමේන්තුව, සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සංවිධානය කර ඇති ඊට එම ආයතන නියෝජනය කරන නිලධාරීන් රැසක් සහභාගී වනු ඇත.
මත්පැන් බලපත්‍රධාරීන්ට බදු ක්‍රම, වර්තමාන රෙගුලාසි, සහ අදාළ නීති ප්‍රතිපාදනවලට අනුව මෙහෙයුම් පවත්වාගෙන යාම පිළිබඳ යාවත්කාලීන කිරීම් සහ මාර්ගෝපදේශ රැසක් ලබා ගත හැකි ආකාරයෙන් එය සැලසුම් කර තිබේ. අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සමඟ සෘජුව සම්බන්ධ වී ගැටලු‍වලට පිළිතුරු ලබා ගැනීමටත්, ඉදිරියේදී සිදු වීමට නියමිත වෙනස්කම් පිළිබඳව දැනුම්වත් වීමටත් සහභාගී වන්නන්ට අවස්ථාව ලැබෙනු ඇත. වැඩමුළුවට අමතරව එදින විනෝදාත්මක අංග රැසකින් පිරි සුහද හමුවක්ද පැවැත්වීමට නියමිතය. විවෘත සාකච්ඡා තුළින් මත්පැන් බලපත්‍රධාරීන් සහ අදාළ ආයතන අතර ශක්තිමත් සහ සුහදශීලී සම්බන්ධතාවයක් ඇති කිරීම මෙම මුලපිරීමේ ප්‍රධාන අරමුණ බව සංවිධායක මණ්ඩලය සඳහන් කළේය.



අදහස් (0)

මත්පැන් බලපත්‍රධාරීන්ට බදු වැඩමුළුවක් 14දා මීගමුවේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site