IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මත්පැන් බලපත්‍රධාරීන්ගේ බදු වැඩමුළුවට සහාය නොදුන්නැයි සුරාබදු දෙපාර්තමේන්තුවට චෝදනා

  • ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය ජනපතිට ලිපියකින් දන්වා පරීක්ෂණයක් ඉල්ලයි 

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය (SLLLA) 2025 ජූනි මස 14 මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටලයේදී සංවිධානය කළ බදු වැඩමුළුවට සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් සහාය නොදැක්වූ බව එම සංගමය ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් යවමින් දන්වා සිටී. ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාට යැවූ ලිපියෙහි මෙසේ ද සඳහන් වේ. 
“ගරු මැතිතුමනි, බදු ශක්ති බදු සතියට සමගාමීව අප සංගමය විසින් 2025 ජූනි 14 වැඩමුළුවක් සංවිධානය කරන ලදී. සද්භාවයෙන්ම අපගේ අවශ්‍යතාව වූයේ මෙම වැඩමුළුව හරහා බදු වංචා නතර කර රජයේ බදු ආදායම වැඩි කර දීමයි. මෙම වැඩමුළුවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජිතයකු සහභාගි වූ අතර ඔහු බදු ගෙවීමේ වැදගත්කම පිළිබඳව මත්පැන් බලපත්‍රධාරීන් මැනවින් දැනුවත් කළ අතර ඒ වෙනුවෙන් අප සංගමයේ ස්තූතිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පිරිනමමු. කෙසේ වෙතත් මෙම වැඩමුළුවට අප ආරාධනා කළ සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු අනෙක් ආයතන සහභාගි නොවූ අතර සුරාබදු දෙපාර්තමේන්තුව අනෙක් ආයතන නොමග යවමින් අප සංගමය මත්පැන් ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වන බව පවසමින් එම ආයතන අපගේ වැඩමුළුවට සහභාගි වීම වැළැක්වීමට කටයුතු කර ඇති ඇති බව දැන ගැනීමට ඇත.
සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් බලපත්‍රධාරීන්ට නීතිය පිළිබඳව දැනුවත් කිරීමට මැලිකමක් දක්වන අතර මත්පැන් බලපත්‍රධාරීන් නීතිය පිළිබඳව අවබෝධයක් ලැබීම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දූෂිත ක්‍රියා ඉදිරියට ගෙන යාමට බාධාවක් බව ඔවුන් සිතන බව පෙනේ. පසුගිය ජනාධිපතිවරණ සමයේ දුන් මත්පැන් බලපත්‍ර අයැදුම්පත්‍ර සඳහා බලපත්‍ර ගැනීමට එම අයැදුම්කරුවන්ට අභියාචනාධිකරණයේ නඩු ගොනු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති අංශය උපදෙස් දී එසේ නඩු පැවරීමෙන් පසු එම බලපත්‍ර දීමට සුරාබදු දෙපාර්තමේන්තුව විරුද්ධ නොවන බව අධිකරණයට දැන්වීමට ඔවුන් කටයුතු කරන බවත්, ඒ සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අල්ලස් ඉල්ලන බවත් අප සංගමයට දැන ගැනීමට ලැබී ඇත. මැතිවරණ සමයේ මත්පැන් බලපත්‍ර දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩු දෙකක් විභාග කිරීමට අවසර දී ඇති බවත් ඔබතුමන් වෙත දන්වා සිටිමු. සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්‌ගේ ක්‍රියා කලාපය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හරහා කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස ද ඉල්ලා සිටිමු. 
මත්පැන් ප්‍රවර්ධනය කිරීම් ප්‍රසිද්ධ ස්ථානවල සිදුවන අතර, ඒ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම කනගාටුවට කරුණක් වන අතර, අප සංගමය රජයේ බදු ආදායම වැඩි කර දීමට සද්භාවයෙන් සහ අවංකව සංවිධානය කළ බදු වැඩමුළුව මත්පැන් ප්‍රවර්ධන වැඩසටහනක් සේ හුවා දක්වමින් රජය සහ අප අතර විරසකයක් ඇති කර ඒ හරහා සුරාබදු දෙපාර්තමේන්තුවේ දූෂණ සහ අක්‍රමිකතා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට එහි නිලධාරීන් උත්සාහ කරන බව අප සංගමයට පෙනී යයි. මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හරහා පවත්වන ලෙසත්, රජයට අවාසි වන අයුරින් හා වෙනත් අයට වාසි වන අයුරින් කටයුතු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියා කරන බව පෙන්වා දීමට අප සංගමය සූදානම් බවත් ඔබතුමන් වෙත කාරුණිකව දන්වා සිටිමු.”
ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාගේ සහ ලේකම්වරයාගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යවා ඇති මෙම ලිපියේ පිටපත් රංග දිසානායක (අධ්‍යෂ ජනරාල් - අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව), යූ.ඩී.එන්. ජයවීර (ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්), එම්.එල්. උදය කුමාර පෙරේරා (සුරාබදු කොමසාරිස් ජනරාල්), රෝහණ සේනාරත්න (අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල්), ජයන්ත ද සිල්වා (නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්) වෙත යොමු කර ඇත.

 



අදහස් (0)

මත්පැන් බලපත්‍රධාරීන්ගේ බදු වැඩමුළුවට සහාය නොදුන්නැයි සුරාබදු දෙපාර්තමේන්තුවට චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site