

දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට කඩුවෙල වෙළෙඳ නගරයට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ පූජා භාණ්ඩ සහ ඉදිකිරීම් අමුද්‍රව්‍ය අලෙවිසැලක් වන කඩුවෙල පික්චර් පැලස් වෙළෙඳ ආයතනයටයි.
ඒ ගිය ගමනේ දී වෙළෙඳ සහායකයන් අටදෙනකු සම්බන්ධ කරගනිමින් සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යන සමරතුංගගේ පිලිප් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ තොරතුරු අප සමග බෙදාගත්තේ මෙලෙසිනි.
Q මේ දවස්වල බිස්නස් කොහොමද?
විවිධ සමාජ ව්‍යසන, යුදමය තත්ව, දේශපාලන අස්ථාවරත්වය පැවතුණ කාලසීමාවල සිට අපි වසර 35ක කාලයක් මුළුල්ලේ ව්‍යාපාර කටයුතුවල නිරත වෙලා ඉන්නවා. එවැනි සමාජ අස්ථාවරත්ව පැවති කාලසීමාවල වුණත් බිස්නස්වල පසුබෑමක් වුණේ නැහැ. මේ කාල සීමාවේ බිස්නස් සම්බන්ධයෙන් කතා කළොත් බිස්නස් හොඳටම හොඳයි කියන්න බැහැ. එහෙත් බිස්නස් සාමාන්‍ය මට්ටමකට තියෙනවා.
Q බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
බිස්නස් එකක රඳාපැවැත්ම තීරණය වන්නේ භාණ්ඩයේ මිලත් එක්ක. අපි හැම මොහොතකම වෙළෙඳපොළේ භාණ්ඩයට හිමි මිල සම්බන්ධයෙන් දැනගෙන ඉන්නම ඕනේ. ඒ වගේම පවතින මිලට වඩා යම් මට්ටමක අඩු මිලකට භාණ්ඩ අලෙවිකරන්නත් ඕනේ. වෙළෙඳපොළේ භාණ්ඩ මිල සම්බන්ධයෙන් නිසි අවබෝධයක් තිබීම බිස්නස් එකක් රඳාපැවතීමට මූලිකවම බලපානවා. එහෙම නැතිව බිස්නස් එකක් පවත්වාගෙන යන්න හරිම අමාරුයි.
අපි වෙළෙඳපොළ හොඳින් හඳුනාගෙන ඉන්නවා නම් බිස්නස්වල කඩා වැටීමක් වෙන්නේ නැහැ. වෙළෙඳපොළට භාණ්ඩයක් මිලදී ගන්න පාරිභෝගිකයෙන් ආපු සැනින් භාණ්ඩයක් මිලදී ගන්න තැනට බිස්නස් එක පවත්වාගෙන යනවා නම් අපි සාර්ථකයි. පාරිභෝගිකයෙක් වෙළෙඳසලකට එන්නේ වටේම තියෙන වෙළෙඳසැල්වල මිල ගණන් දැනගෙන. හැම අවස්ථාවකම පාරිභෝගිකයෝ අනෙක් වෙළෙඳසල්වල භාණ්ඩයේ මිලත් එක්ක අපේ භාණ්ඩයේ මිල සන්සන්දනය කරනවා. එහෙම මිලදී ගන්න එන කෙනෙක්ට අපේ වෙළෙඳසලෙන් අනෙක් වෙළඳසැල්වලට වඩා අඩුවෙන් භාණ්ඩය මිලදී ගන්න තියෙනවා නම් ඒ එන පාරිභෝගිකයා අපෙන් ඒ භාණ්ඩය මිලදී ගෙන යනවා. අපි ඒ දේ නොදැන බිස්නස් කරනවා නම් අපි බිස්නස් අතින් ෆේල්. මේ කාරණාව සමබරව පවත්වාගෙන ආපු නිසා තමයි අපි සාර්ථකව වසර 35ක් මේ බිස්නස් එක පවත්වාගෙන යන්නේ.
මනීෂා වීරසිංහ
ඡායාරූප - ළහිරු හර්ෂණ
2025 දෙසැම්බර් මස 18
571
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිස්නස් හොඳටම හොඳයි කියන්න බැහැ - කඩුවෙල පික්චර් පැලස් හිමිකරු සමරතුංගගේ පිලිප්මේ