IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බිස්නස් හොඳටම අඩුයි

තීන්ත ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළම වෙළෙඳ ආයතනයක හිමිකරුවකු වීම මොහොමඩ් නවුෂාඩ් මහතාගේ මුල් කාලයේ සිටම තිබූ අරමුණකි. මේ වන විට ඔහු ඒ අරමුණ කරා ළඟාවී ඇත්තේ තමාගේම උත්සාහය හා ධෛර්‌යෙනි. මේ වන විට මෙම තීන්ත වෙළෙඳපොළට වසර 40ක පමණ කාලයක් ගතවී තිබේ. ඔහු මේ තත්වයට පැමිණියේ පියවරෙන් පියවර බව ඔහු අපට පැවසුවේ නිරහංකාරවය.
මේ දවස්වල බිස්නස් සොයා යන ගමනේ අපගේ තවත් එක් නවාතැනක් වූයේ මොහුගේ ව්‍යාපාරික ස්ථානයයි. සිසිල පේන්ට් ස්ටෝර්ස් ඔහුගේ ව්‍යාපාර නාමයයි.

Q: මේ දවස්වල බිස්නස් කොහොමද?
ඇත්තම කිව්වොත් මේ දවස්වල බිස්නස් සෑහෙන්න අඩුයි. මට හිතෙන්නේ මේ දවස්වල මිනිසුන්ගේ අතේ මුදල් ගැවසෙනවා සෑහෙන්න අඩුයි. කොරෝනාවලට කලින් අපි තීන්ත ටිකක් විකුණගෙන ඉතාම හොඳට බිස්නස් එක කරගෙන ගියා. ඒ හැමදේම කොරෝනාවලින් පස්සේ වෙනස් වුණා. බඩුවල මිල වැඩිවීමත් ලොකුවටම බලපෑවා. එකකට එකක් මිල වැඩි වුණාම කවුද තමන්ට අවශ්‍ය දේවල් ඕන වුණත් ගන්නේ.
මේ දවස්වල අපේ සීසන් එක, නෝම්බි අවුරුද්ද. ඉන්පස්සෙ සිංහල අවුරුද්ද. මේ කාලයට මිනිස්සු තීන්ත ගන්න ආවේ පොරකකා. දැන් අපි කඩවල්වල වේළෙනවා. දැනට සේවකයෝ 11ක් එක්ක තමයි මේවා ඇදගෙන යන්නේ. කලින් සිටි සේවකයෝ එක්ක මේක ඇදගෙන යන එකත් ලොකු දෙයක්.


Q: බිස්නස් අඩුවෙන්න බලපාපු හේතු මොනවද?
බිස්නස් අඩුවෙන්න හේතු ගොඩක් බලපාලා තියෙනවා. රජය පැත්තෙන් අපි ඉල්ලන්නේ බඩු මිල අඩු කරන්න. ජනතාවට දරන්න පුළුවන් මිලකට ඒ බඩු දෙන්න. එහෙම නැතිවුණොත් තීන්ත නෙවෙයි කිසිම බිස්නස් එකක් කර ගන්න විදියක් නැහැ. දැන් තීන්ත අවශ්‍යම අය විතරයි අපි ළඟට එන්නේ. ඉස්සර මෙහෙම නෙවෙයි. අවුරුද්දෙන් අවුරුද්ද තීන්ත ගාපු ගෙවල් තිබුණා. ඉස්සර තීන්ත ලීටර් 04ක් ගෙනියපු කෙනා දැන් ගෙනියන්නේ ලීටරයයි. අපටම වෙන්වූ පාරිභෝගික පිරිස නිසා තමයි අපි මෙහෙම හරි රැකිලා ඉන්නේ.


අමිල චින්තක ගමගේ
ඡායාරූප : ළහිරු හර්ෂණ

 



අදහස් (0)

බිස්නස් හොඳටම අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 208 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site