IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බිස්නස් සියයට පනහකින් වැටිලා

මේ දිනවල මල්වත්ත පාරේ පාවහන් සහ බෑග් වෙළෙඳාමේ තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය ගමනේ දී පාවහන් සහ බෑග් අලෙවිකරුවකුවන ලෙස්ලි නානායක්කාර මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

Q: මේ දිනවල බිස්නස් කොහොමද?
පසුගිය වසරටවලට සාපේක්ෂව මේ වසරේ වෙළෙඳාම සියයට 50කින් පමණ පහත වැටී තියෙනවා. උත්වස සමය, නව පාසල් ආරම්භක සමය වුණත් පාරිභෝගිකයන්ගේ පැමිණීමේ අඩුවක් තියෙනවා. වෙනදා උත්සව සමයත් එක්ක මේ කාලය වෙද්දී මීට වඩා බිස්නස් එකක් තිබුණා. කඩවල හැරෙන්න බැරි තරම් සෙනඟකුත් හිටියා. ඒත් මේ පාර කියන්න තරම් වෙළෙඳාමක් නෑ. දැන් ජනතාව එහෙමකට අමතර දේවල්වලට මුදල් වියදම් කරන්න යන්නේ නැහැ. බිස්නස් අඩුවීමට ඒ කාරණය දැඩිව බලපානවා. අත්‍යවශ්‍යම වෙලාවක මුදල් වියදම් කරනවා හැරෙන්න වියදම් කරන්නේ නැහැ. 

 

Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
උත්සව සමය ක්‍රියාත්මක වීමත් එක්ක වෙළෙඳපොළට භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගෙනවිත් තියෙන්නේ. වෙළෙඳ ආයතනවල භාණ්ඩවල හිඟයක් නෑ. ගිය වසරට සාපේක්ෂව පාවහන් සහ බෑග්වල මිල ගණන් වල යම් අඩුවීමක් සිදුවෙලා තියෙනවා. එහෙත් ඒවා මිලදී ගන්න පාරිභෝගිකයන්ගේ පැමිණීමේ අඩුවක් තියෙනවා. මේ වෙද්දී පාරිභෝගිකයෝ භාණ්ඩයේ ගුණාත්මකභාවයට වඩා අඩු මුදලකට ඒ කියන්නේ අතේ ඇති මුදලට භාණ්ඩ මිලදී ගන්න යොමුවීමත් අතුරු වීදිවලින්, වෙනත් වෙළෙඳ නගරවලින් අඩු මුදලට භාණ්ඩ මිලදී ගැනීමට හැකිවීම නිසා මල්වත්ත වීදියේ වෙළෙඳසැල්වල බිස්නස් අඩුවෙලා තියෙන්නේ. පාරිභෝගිකයන්ගේ ආර්ථික අපහසුවත් එක්ක පාරිභෝගිකයාට භාණ්ඩ මිලදී ගැනීමට තිබෙන හැකියාවක් නොමැතිවීම මේ වසරේ බිස්නස් අඩුවීමට හේතුවෙලා තියෙන්නේ.
මනීෂා වීරසිංහ 


ඡායාරූප ඉසුරු පෙරේරා



අදහස් (0)

බිස්නස් සියයට පනහකින් වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site