IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


බිස්නස් විශාල වැඩිවීමක් නෑ

මල්වත්ත පාර යනු පිටකොටුවේ වීදිවලින් එක්තරා ආරම්භයක් සනිටුහන් කරන වීදීයකි. සමහරු සිතන්නේ පිටකොටුවෙන් මල් මිලදී ගත හැක්කේ මල් වත්ත පාරෙන් කියාය. අද මල් නැතත් එදා මල්වත්තකින් මල්වත්ත පාර සුන්දර විය. ඉංග්‍රීසින් රට පාලනය කරන සමයෙහි අලංකාර මල්ගොමුවලින් පිරි ප්‍රභූ නිවාස සංකීර්ණයවලින් සමන්විතව තිබූ මේ මල්වත්ත පාරේ එදා තිබුණා යැයි කියූ කිසිදු සාක්ෂියක් අද දක්නට නැත. වර්තමානය වන විට මල්වත්ත පාරේ ඇස ගැටෙන සුලබ දසුන වන්නේ නොයෙක් වර්ගයේ පාසල් බෑග්, ට්‍රැවලින් බෑග්, විවිධ වර්ගයේ සපත්තු හා නානා මාදිලියේ ඔරලෝසු වෙළෙඳසල්ය. මේ ද්‍රව්‍යවලට මල්වත්ත පාර අද වෙන් වී ඇතත් කාලයක්ම පරපුරක් නැළවූ කැසට් පටයට ද මේ වීදිය නම් දැරූ වීදියකි. කලක් මේ වීදිය ගීත රසිකයන්ගේ කැසට් වීදිය විය. මේ දිනවල බිස්නස්වල තතු සෙවීමට අප ළඟා වූයේ මල්වත්ත පාරේ පිහිටි රිචඩ් ස්ටෝර්ස් වෙතය. එහි හිමිකරු වූ පී. ජී. රත්නසිරි මහතා අප හා අදහස් බෙදා ගත්තේ මෙලෙසිනි.


මේ දිනවල බිස්නස් කොහොමද?
අපි විකුණන්නේ බෑග්. අපි ළඟ පාසල් බෑග්, කාන්තා බෑග් ආදී වූ සියලු‍ම වර්ගවල බෑග් තියනවා. 1956 ඉඳන් තමයි පිටකොටුවේ මල්වත්ත පාරේ අපි බිස්නස් කරන්නේ. මේ දිනවල බිස්නස් ගැන කියනවානම් බිස්නස් සාමාන්‍ය පරිදි කෙරීගෙන යනවා. විශාල වැඩිවීමක් නෑ. 


බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?  
පිටකොටුව කියන්නේ ලංකාවේ තිෙයන කාර්යබහුලම වෙළෙඳ නගරය. පාරිභෝගිකයට අවශ්‍ය කරන සියලු‍ම භාණ්ඩ පිටකොටුවෙන් අඩු මිල ගණන්වලට මීලදී ගන්න පුළුවන් නිසා නිරන්තරයෙන් පිටකොටුවේ සෙනඟ ගැවසෙනවා. ඒ නිසා මල්වත්ත පාරේ බිස්නස් කරන අපිටත් සාමාන්‍ය පරිදි බිස්නස් තියනවා. 
මේ දිනවල සීසන් එකක් නෙමෙයි නිසා ලොකුවට බිස්නස්වල වැඩිවීමක් වෙන්නේ නෑ. ඉස්සරහට එන සීසන් එකත් එක්ක නම් බිස්නස් සරු වෙයි. බෑග් මිල ගත්තාම මිලේ ලොකු වැඩියකුත් නෑ. විවිධ මිල ගණන්වලට තියනවා. ඒකත් පාරිභෝගිකයන්ට පහසුවක්. මොකද තමන්ට සරිලන මුදලකට මිලදී ගන්න පුලු‍වන් නිසා.



ශෂිකා අබේරත්න
ඡායාරූප : ඉසුරු පෙරේරා



අදහස් (0)

බිස්නස් විශාල වැඩිවීමක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 391 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 443 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 407 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site