
මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශවල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ කොට්ටාවේ විමලසිරි ෆර්නිචර් හවුස් වෙළෙඳසල වෙතය. එහි හිමිකරු වූ ඩබ්ලිව්. ගම්ලත් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.
Q මේ දිනවල බිස්නස් කොහොමද?
අපි විකුණන්නේ ගෘහ භාණ්ඩ. මේ ව්‍යාපාරය අවුරුදු 63 ක් පරණ ව්‍යාපාරයක්. පරම්පරාවෙන් තමයි මටත් උරුම වුණේ. අපේම නිෂ්පාදනාගාරයක් තියනවා. ඊට අමතරව වෙනත් තොග වෙළෙඳ ආයතනවලින් මීලදී ගන්නා භාණ්ඩත් අපි ළඟ තියනවා. මේ දිනවල බිස්නස් ගැන කියනවා නම් බිස්නස්නම් ටිකක් අඩුයි.
Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වෙන්න බලපාන එක ප්‍රධාන හේතුවක් තමයි භාණ්ඩ මිල ඉහළ යාම. භාණ්ඩ මිල වැඩි වෙන්න හේතු තමයි නිෂ්පාදන භාණ්ඩ මිල ඉහළ යාම. මේ දිනවල වෙළෙඳපොළේ ලී, කුෂන් ඊට අමතරව ටිනර, තීන්ත, විවිධ වූ ආලේපන ආදී ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට යොදාගන්නා ද්‍රව්‍ය මිල ගොඩක් ඉහළයි. ඒ නිසා අඩු මිල ගණන්වලට ගෘහ භාණ්ඩ නිර්මාණය කරන්න වගේම අපිට බාහිරින් මිලදී ගන්නත් බෑ. ඒ නිසා විකුණුම් මිල ඉහළ යනවා. බිස්නස් අඩු වෙන්න බලපාන අනෙක් හේතුව තමයි පරිභෝගිකයන්ගේ ආර්ථික මට්ටම. මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය දේවල් මිලදී ගන්නවා ඇරෙන්න ගෘහ භාණ්ඩ මිලදී ගන්නේ අඩුවෙන්. ඒකත් හේතු වෙනවා අපිට බිස්නස් අඩු වෙන්න. ඕක තමයි මේ දවස්වල බිස්නස්වල තත්වය.
ශෂිකා අබේරත්න
ඡායාරූප: ඉසුරු පෙරේරා
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිස්නස් නම් ටිකක් අඩුයි