
නාවින්න Loory Body Privte Limited ආයතනයේ
කළමනාකරු
චමීර සමරසේකර
මනීෂා වීරසිංහ
මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටුකරන ඕනෑම කටයුත්තක් ව්‍යාපාරයක් වශයෙන් සරළව අර්ථ ගැන්විය හැකිය. ව්‍යාපාරයක් බිහිවනුයේ මිනිස් අවශ්‍යතා සහ වුවමනා මත පදනම්ව ය. මිනිසා අපේක්ෂා කරන ළඟා කරගත යුතු යැයි සලකන මූලික ඉලක්කයකි වාහනයක් මිලදී ගැනීම. වාහන ව්‍යාපාරය ගත් විට ආනයනික වාහන අලෙවි කිරීම, වාහන අමතර කොටස් වෙළෙඳාම සහ වාහන අලුත්වැඩියා කිරීම මෙම ව්‍යාපාරයත් සමග ගොඩනැඟි තිබෙන තවත් ව්‍යාපාර අංශ වේ.
මේ දිනවල බිස්නස් තතු සොයා බැලීමට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ නාවින්න වෙළෙඳ නගරයේ Loory Body Privte Limited ආයතනය වෙතටයි. එම වෙළෙඳ ආයතනයේ කළමනාකරු චමීර සමරසේකර මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

Q මේ දවස්වල බිස්නස් කොහොමද?
අපි වසර 10ක පමණ කාලයක සිට ලොරි බොඩි අලුත්වැඩියා කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ. අප ආයතනයේ සේවකයන් 25ක් සේවය කරනවා. පසුගිය වසරවලට සාපේක්ෂව ගත්තහම මේ වසරේ බිස්නස් සාමාන්‍ය මට්ටමක තමයි තියෙන්නේ. පසුගිය වසර හතරක කාලයක ඉඳන් වාහන අලුත්වැඩියා කිරීමේ ව්‍යාපාර පහත වැටිලා තමයි තියෙන්නේ.
Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
අපගේ ව්‍යාපාරයෙන් ලොරි චැසිය සඳහා ලොරි බොඩිය නිර්මාණය කිරීම සිදු කරනවා. පසුගිය වසර හතරක කාලයේ වාහන ආනයන කිරීමේ දී එල්ල වුණු සීමා සහ බදු හේතුවෙන් වාහන අලුත්වැඩියා කිරීමේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුණා. අපේ ව්‍යාපාරය ගත්තහම වෙළෙඳපොළට ලොරි රථ ආනයනය කළොත් තමයි බිස්නස් එකක් ගොඩනැගෙන්නේ.
මේ වෙද්දී වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් එක්ක අප්‍රේල් අන්තිම වගේ වෙද්දී නැවතත් මෙරටට ට්‍රක්ස් සහ ලොරි චැසි ගෙන්වයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම වුණොත් ඉදිරියේ දී වාහන අලුත්වැඩියා කිරීමේ කාර්මාන්තයේ නියුතු පිරිසට හොඳ කාලයක් උදාවෙයි.
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි
2025 දෙසැම්බර් මස 18
554
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිස්නස් තියෙන්නේ සාමාන්‍ය මට්ටමක