IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


බිස්නස්වල වරදක් නැහැ: හාඩ්වෙයාර් නිෂ්පාදන ව්‍යාපාරික ශාන්ත කුමාර

හාඩ්වෙයාර් නිෂ්පාදන යනු නිවසක් අලුතෙන් නිර්මාණය කරන විට හෝ පවතින නිවසක් නවීකරණය කරන විට අත්‍යවශ්‍යම වන උපාංග වේ. ශාන්ත කුමාර් යනු දැන් අවුරුදු 20ක කාලයක පටන් ගල්වළ ප්‍රදේශයේ හාඩ්වෙයාර් උපකරණ අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයෙකි. චීනය, ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවල්වලින් එම හාඩ්වෙයාර් උපකරණ ගෙන්වා බෙදාහැරීම ඔහු සිදුකරන කාර්යය වේ. මේ දවල්වල බිස්නස්  කෙසේදැයි සොයා යන ගමනේ ශාන්ත කුමාර්ව අපේ අපේ කතා බහට එකතු කර ගත්තෙමු. 

Q: මේ දවස්වල බිස්නස් කොහොමද?
මේ දවස්වල බිස්නස් වරදක්ම නැහැ. ෂේප් එකේ කරගෙන යනවා. කොරෝනවලින් පස්සේ අපේ ව්‍යාපාර පොඩ්ඩ පොඩ්ඩ වැඩි වුණා. අපි ව්‍යාපාරිකයෝ විදියට අපේ ව්‍යාපාර ගොඩනගන විදියත් දැනගන්න ඕන. මොකද බිස්නස් අඩුයි කියලා කාටවත් දොස් කියන්න බැහැ. අපේ පැත්තෙන් වගේම ආණ්ඩුව පැත්තෙනුත් වැට් එක පොඩ්ඩක් අඩු කළානම් අපේ ව්‍යාපාර තව දියුණු කරන්න පුළුවන්. එහෙම වුණොත් අපටත් සතුටින් බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. 


Q: බිස්නස් වැඩි වෙන්න බලපාපු හේතුව කුමක්ද?

මම ඉතාම ක්‍රමානුකූලව ව්‍යාපාර කරගෙන යන කෙනෙක්. හරි කළමනාකරණයක් මට තියෙනවා කියලා මට හිතෙනවා. මං ගාව දැනට සේවකයෝ 20ක් පමණ සිටිනවා. ශාඛා කීපයක් තියෙනවා. ඒ වගේම මං ගාව ඉන්න සේවකයන්ට මම හොඳට සලකනවා. මං ළඟට එන පාරිභෝගිකයනුත් නැවතත් මං ළඟට එන විදියට  තමයි මම බිස්නස් කරන්නේ. මං හිතනවා ව්‍යවසායකත්ව මනසකින් බිස්නස් කිරීම තමයි මාගේ බිස්නස් වැඩි දියුණුවෙන්න හේතුව.


අමිල චින්තක ගමගේ
ඡායාරූප - ඉසුරු පෙරේරා. 



අදහස් (0)

බිස්නස්වල වරදක් නැහැ: හාඩ්වෙයාර් නිෂ්පාදන ව්‍යාපාරික ශාන්ත කුමාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site