IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බිස්නස්වල කියන්න තරම් විශේෂයක් නෑ

කරවනැල්ල සමරපාල සුපර් හිමිකරු එච්.ආර්. ජයන්ත සමරපාල

මේ දවස්වල බිස්නස්වල තතු සොයා යන ගමනේ දී අපි කරවනැල්ල නගරයේ පිහිටා ඇති සිල්ලර බඩු වෙළෙඳසලක් වන සමරපාල සුපර් වෙත ගියෙමු. මේ දවස්වල බිස්නස් කොහොමද කියා අපි ඇසු පැනයට සමරපාල සුපර් වෙළෙඳසලෙහි හිමිකරුවන එච්.ආර්. ජයන්ත සමරපාල මහතා දැක්වුයේ මෙවන් අදහසකි.

Q මේ දිනවල බිස්නස් කොහොමද ?

මේ දිනවල බිස්නස්වල කියන්න තරම් විශේෂයක් නෑ. මිනිස්සුන්ට පඩි ලැබෙන දවසට බිස්නස් වැඩියි. නැති දවස්වලට බිස්නස් අඩුයි.

Q බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද ?

මම සිල්ලර බඩු කඩයක් තමා කරගෙන යන්නේ. මේක මගේ සීයගේ කාලේ ඉඳන් පවත්වාගෙන එන කඩයක්. එතකොට වසර 50ක වගේ ඉඳන් මෙම ව්‍යාපාරය අපි කරගෙන යන්නේ. සාමාන්‍යයෙන් බඩු මිලේ ලොකු වැඩිවීමක් වෙලා නෑ. එක හේතුවක් කියන්න බෑ බිස්නස් අඩුවෙන්න. 

ගොඩක් මින්සුන්ගේ අමතර වියදම් එක්ක බැලු‍වම කෑමට දෙන ප්‍රමුඛතාව අඩුයි. ළමයින්ගේ පන්ති වැඩයි, බෙහෙත් ගන්න ඒවට තමයි මිනිස්සු වැඩිපුර මුදල් වෙන් කරන්නේ. ඒ කරල ඉවර වෙලා තමා මිනිස්සු කන්න යන්නේ. වෙනදට සාමාන්‍යයෙන් හවස 4.00 - 5.00 වෙද්දි හොඳටම සෙනඟ. ඒත් දැන් එහෙම නෑ. මිනිස්සුන්ගේ පඩි දවසට නම් හොඳ බිස්නස් එකක් තියනවා. ඒත් අනිත් දවස්වලට නම් කියන්න පුළුවන් තරම් බිස්නස් එකක් නැහැ. පසුගිය වසරවලට සාපේක්ෂ බිස්නස්වල අඩුවකුත් තියෙනවා.

සටහන හා ඡායාරූප
හසිනි නවෝද්‍යා



අදහස් (0)

බිස්නස්වල කියන්න තරම් විශේෂයක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site